නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්පෙති තොගයක් සමඟ සැකකරුවකු නීතියේ රැහැනට

    ඔක්තෝබර් 10, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඊයේ (09) බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා රැගෙනයමින් තිබූ මත්පෙති ලක්ෂ හයක (600,000) පමණ තොගයක් සමඟ සැකකරුවකු (01) සහ ප්‍රවාහනය සඳහා භාවිතා කළ ලොරි රථය (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

    ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයට ලද විශේෂ තොරතුරකට අනුව නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, ඊයේ දිවා කාලයේ බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයකු (01) සහ ඔහු ගමන් ගත් ලොරි රථය පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී එම පුද්ගලයා සන්තකයේ තිබී අලෙවි කිරීම සඳහා රැගෙනයමින් තිබු මත්පෙති ලක්ෂ හයක (600,000) පමණ තොගයක් සමඟ එම සැකකරු (01) සහ ලොරි රථය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. 

    මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු (01), මත්පෙති තොගය සහ ප්‍රවාහනය සඳහා භාවිතා කල ලොරි රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya