අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී, පාසල් දරුවන්ගේ දිවා ආහාරය නතර කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පාසල් දරුවන්ගේ දිවා ආහාරය සඳහා මුදල් මේ වන විට යවා තිබෙන බවත්, ඇතැම් ස්ථානවල තාක්‍ෂණික හේතුන් මත ප්‍රමාද වීම් සිදු වී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම කටයුත්ත නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත්, අඩුපාඩුවක් ව තිබුණු ස්ථානවලටත් මේ වන විට මුදල් ලබා දී ඇති බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.
පාසල් දරුවන්ගේ දිවා ආහාරය කිසිඳු ආකාරයකට නතර කිරීම සම්බන්ධව කිසිඳු තීන්දුවක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.