ඔක්තෝබර් 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය ජනතාවට විවෘත කෙරේ

    ඔක්තෝබර් 05, 2024

    කොළඹ කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ආර් ඒ ඩි මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන කොටස 2005 වර්ෂයේ දී ආරක්‍ෂක හේතූන් මත වසා තැබීමට කටයුතු කරනු ලැබීය.

    වසර 19කට පසු මෙම මාර්ගය ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි ඊයේ (04) දින මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කරන ලදි.

    දැනට එම මාර්ගයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් එක් දිශාවකට පමණක් වාහන ධාවනය සිදුකෙරෙන අතර , එම කටයුතු අවසන් වූ වහාම අනෙක් පසට දිවෙන කොටස ද විවෘත කෙරෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya