ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය රටතුළ ක්‍රියාත්මක කිරීම සදහා නීතිරාමුවක් සපයා තිබුණද, ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය වී නොතිබීම හේතුවෙන් ගුණාත්මකභාවයෙන් යුත් ඵලදායී සහ ආරක්ෂිත දේශීය වෛද්‍ය සේවාවක් සැපයීම සම්බන්ධව සහ දේශීය වෛද්‍ය ක්‍රමය තාර්කික භාවිතය පිළිබඳ ගැටලු රැසක් ඉස්මතු වී තිබුණි. එමෙන්ම සේවා සැපයීමේ දී, මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සහ දේශීය වෛද්‍ය ක්‍රමය සංරක්ෂණය කිරීම තුලින් අනාගත පරම්පරාවට ගුණාත්මක සහ ශක්තිමත් වෛද්‍ය ක්‍රමයක් තිළිණ කිරීම සදහා ජාතික සෞඛ්‍ය පද්ධතිය තුළ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය අවශ්‍යතාවය පැන නැගිණි.
එම අවශ්‍යතාවය සපුරාලීම උදෙසා ජාතික ප්‍රතිපත්ති අවශ්‍යතාවය පිලිබද දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ සමාජයේ කතිකාවත පිලිබද මුලික අධ්‍යනයකින් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා අනෙකුත් මුල්‍ය ආයතන වල දායකත්වය සහ මග පෙන්වීම මත දේශීය වෛද්‍ය ක්‍රමය සදහා ජාතික ප්‍රතිපත්තියක් නිශ්චිත විධිමත් සැලැස්මක් සහ කාලරාමුවක් තුල කෙටුම්පත් කරලීම සිදුවිය.
ඒ අනුව 1961 අංක 31 දරණ ආයුර්වේද පනත මගින් දේශීය වෛද්‍ය ක්‍රමය සදහා නෛතික රාමුවක් පිලියෙල කර තිබුණද, දේශීය වෛද්‍ය සේවාව උදෙසා රජයේ දිශානතිය යොමු කිරීම උදෙසා මෙම දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය නිර්මාණය කර තිබේ.
රටක් ලෙස ඉදිරියේදී විවිධ රජයන් විසින් දේශීය වෛද්‍ය අංශයේ සංවර්ධනය සදහා සැලසුම් සකස් කර ප්‍රතිපාදන වෙන් කිරීමේ දී, 2024-2034 වර්ෂයන් දක්වා මෙම ජාතික ප්‍රතිපත්තිය සමඟ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්මක කරලීමට ප්‍රතිපාදන වෙන් කිරීමේ අරමුණින් ආයුර්වේද දෙපාර්තුමේන්තුව මගින් මෙම ජාතික ප්‍රතිපත්තිය නිර්මාණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ පුර්ණ සහයමත දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ එකඟතාවය මත පත් කරන ලද කමිටු 3 ක් පුළුල් ලෙස තොරතුරු රැස්කර, විශ්ලේෂණය කිරීමේ නිසි යාන්ත්‍රණයකින් අනතුරුව දේශීය වෛද්‍ය ක්‍රම පිලිබද මෙම ජාතික ප්‍රතිපත්තිය සකසා ඇත.
මෙම අවස්ථාවට, ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මුදල් කොමිෂන් සභාවේ ලේකම් ටී.තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.