සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

    සැප්තැම්බර් 18, 2024

    2024 ජනාධිපතිවරණයට අදාළ සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද(18) මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වේ.
    ඒ අනුව, අද (18) පවත්වනු ලබන අවසන් ප්‍රචාරක රැස්වීම් වල වීඩියෝ දර්ශන දර්ශන හා විස්තර හෙට (19) දින තුළ එක් එක් රුපවාහිනී /ගුවන්විදුලි නාලිකාවේ එක් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක් පමණක් ප්‍රචාරය කිරීමට හා හෙට දින පළ කරනු ලබන ප්‍රවෘත්ති පත්‍ර වල ඡායාරූප හා රැස්වීම් වාර්තාව පළ කිරීමට ක්‍රියා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    එමෙන්ම, මෙම අවසන් ප්‍රචාරක රැස්වීම් විස්තර ප්‍රසිද්ධ කිරීමේ දී සියලුම අපේක්ෂකයින්ට සම අවස්ථා ලැබෙන පරිදි පුවත්පත්වල ඉඩකඩ හා නාලිකාවල හා විකාශය කාල වෙන් කිරීම කළ යුතු බව ද මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

    තවද, හෙට දින සියලුම රුපවාහිනී නාලිකාවල දවසේ පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේ දී දෛනික පුවත්පත් වල පුවත් සිරස්තලය පමණක් ඉදිරිපත් කිරීම කළ යුතු අතර ප්‍රවෘත්තියට අදාලව වෙනත් කිසිඳු අදහසක්/යෝජනාවක් හෝ ප්‍රවෘත්තියට පටහැනි අදහසක් එය ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් විසින් සිදු නොකළ යුතු බවත් කොමිසම සඳහන් කරයි.

    එමෙන්ම, එදිනට පසුව (20 දින හා 21 දිනවල) පුවත් සිරස්තල ඉදිරිපත් කිරීමේ දී ද කිසිඳු දේශපාලන ප්‍රවෘත්තියක් පක්ෂ/අපේක්ෂක ප්‍රවර්ධනය හෝ අගතියට පත්වන ආකාරයේ ඉදිරිපත් කිරීමක් සිදු නොකරන ලෙසටත් මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya