සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය උපමාන හා මැතිවරණ වියදම් නියාමනය පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් වැඩමුළුව සාර්ථකව අවසන්

    සැප්තැම්බර් 18, 2024

    2024 ජනාධිපතිවරණයට සමගාමීව මාධ්‍ය උපමාන සහ මැතිවරණ වියදම් නියාමනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

    ඒ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා සහ දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතාගේ සහභාගීත්වයෙන්ය.

    මැතිවරණ නිති, මාධ්‍ය උපමාන හා මැතිවරණ නියාමනය පිළිබඳව ප්‍රාදේශිය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම, නිදහස් හා සාධාරණ මැතිවරණයක්  සඳහා මාධ්‍ය යේ කාර්යභාරය පිළිබඳව අවබෝධය වැඩිදියුණු කිරීම, මැතිවරණ වාර්තාකරණයේදී ඇතිවිය හැකි අභියෝග හඳුනාගෙන ඒවාට මුහුණ දිම සඳහා විසදුම් ඉදිරිපත් කිරීම, මැතිවරණ කාලය තුළ මාධ්‍යවේදින්ගේ වගකීම් හා  ඒවා ඉටුකිරීමේ වැදගත්කම  පිළිබඳව අවධානය යොමු කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ බව මෙහිදී අදහස් දැක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා  පැවසීය.

    ඒ අනුව මැතිරණ නීති බලාත්මක කිරීම පිළිබඳව දැනුවත් කිරීම මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතාගේ  සම්පත්දායකත්වයෙන් සිදුවිණ.

    මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ පර්යේෂණ හා සැලසුම් චන්න පී ද සිල්වා මහතා විසින්  සාධාරණ හා නිදහස් මැතිවරණයක්  සඳහා මාධ්‍ය  උපමාන ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදි දැනුවත් කළේය.

    මෙම අවස්ථාවට  අතිරේක දිස්ත්‍රික් ලේකම් පුබුදිකා එස් බණ්ඩාර මහත්මිය, සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ( සන්නිවේදන) එල්.පි.තිලකරත්න මහතා, සහකාර මැතිවරණ කොමසාරිස් එස්.එල්.ආර්.ජයනායක මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් ( මැතිවරණ පැමිණිලි) ගංගානි කරුණාරත්න මහත්මිය, ප්‍රාදේශිය මාධ්‍යවේදීන්, පුත්තලම අධ්‍යාපන කලාපයේ මාධ්‍ය අධ්‍යයනය  හා දේශපාලන විද්‍යා ගුරුභවරුන් සහ දරුවන්,දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya