ජූනි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවරට කේන්ද්‍රීය ජාතික බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්

    මැයි 23, 2024

    මහනුවර නගරයේ තිබෙන වාහන තදබදය අවම වීමටත්, දුම්රිය, බස්රිය, හා අනෙකුත්  පොදු ප්‍රවාහන අතර ඒකාබද්ධතාවයක් ඇති වන ආකාරයට ක්‍රියාත්මක වන ආකාරයෙන් මහනුවරට කේන්ද්‍රීය ජාතික බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් විසල් මහනුවර යනුවෙන් විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ ජාතික ප්‍රවාහන පද්ධතියක් ලෙස මෙම ව්‍යාපෘතිය නවීන තාක්ෂණය සහිතව ක්‍රියාත්මක කෙරේ.

    මේ වන විට එහි එක් කොටසක් දැනට ආරම්භ කර තිබෙන අතර එය දීර්ඝ කාලයක් පමා වී තිබුණු ව්‍යාපෘතියක් වන අතර එය මහනුවර නගරය තුල ක්‍රියාත්මක වන දැවැන්ත ව්‍යාපෘතියක් වේ.

    මේ සඳහා ලෝක බැංකු ණය ආධාර යටතේ රුපියල් කෝටි තුන්දහසක පමණ වැය වන බවත්, ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් තමන් ලෝක බැංකුව සමඟ මේ පිළිබඳව සාකච්ඡා කල බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya