මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ශ්‍රී ලංකාවේ ප්‍රථම තැඹිලි අපනයන ගම්මානය'' මුරුතවෙල ඉහළ ගම්මානයේ දී ඇරඹේ

    දෙසැම්බර් 17, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රථම තැඹිලි අපනයන ගම්මානය( Sweet Coconut) මුරුතවෙල ඉහළ ගම්මානයේ දී ආරම්භ කර ඇත.

    එසේම මෙතෙක් වැවිලි බෝගයක් වශයෙන් නොව ගෙවතු වගාවක් ලෙස සිදු කෙරෙන තැඹිලි වගාව පළමුවරට අපනයනය ඉලක්ක කර ගත් වගාවක් ලෙස වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පසුගියදා (14) පියවර ගෙන තිබේ.


    ශ්‍රී ලංකාවටම ආවේණික ශාකයක් වන තැඹිලි ශාකය මේ වනවිට අප රටට ඩොලර් උපයා දෙන ප්‍රධාන ශාකයක් ලෙස සඳුනාගෙන ඇත.


    මෙතෙක් තැඹිලි සඳහා මෙරට මෙන්ම ලෝකයේ ද එතරම් අවධානයක් යොමු වී නොතිබුනු නමුත් මේ වනවිට මෙරට තැඹිලි සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉතාමත් ඉහළ ඉල්ලුමක් පවතී. මාසයකට තැඹිලි කන්ටේනර් 200ක් එරටට අපනයනය කෙරේ.


    ඒ අනුව නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් තැඹිලි පැළ 1500ක් මෙම ප්‍රදේශයේ ගෙවතු ආශ්‍රිතව රෝපණය කෙරේ. ඒ සඳහා අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ තැඹිලි පැළ බෙදා දීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි. එක් ගෙවත්තකට තැඹිලී පැළ 10ක් බැගින් ලබා දීමට සැලසුම් කර තිබේ.

     

    මෙරටින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපනයනය කරන තැඹිලි ගෙඩියක් එරට වෙරළ කලාපයේ රුපියල් 2500 ක් වැනි ඉහළ මිලකට අලෙවි කෙරේ. මේ වනවිට එරට තැඹිලි සඳහා ඇති ඉල්ලුම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.

     

    පොල් සංවර්ධන අධිකාරිය මැදිහත්වීම මත තැඹිලි අපනයනය සඳහා නියාමන ක්‍රමවේදයක් සැකසීම නිසා මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තැඹිලි ගෙඩියක් සඳහා එරට වරායේදී ඩොලර් 0.8 (දළ වශයෙන් රුපියල් 296) ක මුදලක් ලැබේ.

     

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කෙරේ.තැඹිලි අපනයනය කිරීමෙන් ඉකුත් වසරේදී (2022) රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,මේ වසරේදී (2023) අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි.

    මේ අතර තැඹිලි වගාව වැවිලි භෝගයක් වශයෙන් වගා කිරීම සඳහා සියලු පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය. ලොව රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහ සියල්ල අසාර්ථක වී ඇත. ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි වේ. එම නිසා Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේ දී මෙරට තැඹිලි ලොව තුළ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකසන ලෙස පොල් සංවර්ධන මණ්ඩලයට හා පොල් සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya