මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර දිනයට සමගාමීව දළ රළ සවිය යාපනයේ

    දෙසැම්බර් 17, 2023

     

     

    ලෝක ධීවර දිනයට සමගාමීව පවත්වන දෙවන වැඩසටහන වශයෙන් දළ රළ සවිය නමින් වැඩසටහනක් යාපනය ප්‍රදේශයේ 18 සහ 19 දෙදින පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තද සිල්වා මහතා පවසයි.

    ධීවර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ (15) ලෝක ධීවර දිනය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ධීවර ජනතාව සමීපයට ගොස් එනම් වැවට, ධීවර ගම්මාන වලට සහ වෙරළට ගොස් ධීවර ජනතාවගේ ගැටලු විසඳන ඉතාමත් දැවැන්ත වැඩසටහනක් වශයෙන් ‍මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ උපදෙස් සහ නායකත්වය යටතේ මෙන්ම ධීවර අමාත්‍යංශ ලේකම්තුමිය ඉන්දු රත්නායක මහත්මියගේ සහයෝගය ඇතිව මෙවර ලෝක ධීවර දිනය සමරන බවද සිහිපත් කළේය.

    එක් දිනයකට සීමා නොවී ධීවර ජනතාව වෙනුවෙන් දින 365ම වෙන් කළද කිසිදු ගැටලුවක් නැතැයි පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තද සිල්වා මහතා මේ රටට සහ රටේ ජනතාව වෙනුවෙන් ඉතා දැවැන්තම කාර්යයභාරයක් ධීවර ජනතාව සිදුකරන බවද සිහිපත් කළේය.

    මෙම වැඩසටහන ඒකාබද්ධ ප්‍රවේශයකින් යුතුව ඉදිරිපත් කරන බවද ධීවර අමාත්‍යංශය යටතේ ධීවර දෙපාර්තමේන්තුව සුවිශේෂි කාර්යයභාරයක් ඉටුකරන බවද ජලජීවී සංවර්ධන අධිකාරිය, නාරා ආයතනය, ධීවර සංස්ථාව, සීනෝර් ආයතනය, ආදී සියලු ආයතන ඒකාබද්ධවී කටයුතු කරන බවද පැවසුවේය.

    2022දී මෙම වැඩසටහන අරඹා බිම් මට්ටම වනතෙක් ක්‍රියාත්මක කළ බවද, මෙවර වැඩසටහන මගින් ධීවර ජනතාවට ජංගම සේවයක් පවත්වන බවද එමගින් ධීවර හැඳුනුම්පත් නිකුත් කිරීම, බෝට්ටු ලියාපදිංචිය, ධීවර අමාත්‍යංශයට අනුබද්ධ අනෙකුත් ආයතන වලින් සපයන සේවාවන් සැපයීම ඇමතුම් සංඥා සහ සන්නිවේදන කටයුතු වලට අදාල සියලු ගැටලු විසඳීම සහ ධීවර වෘත්තිකයන් සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම සහ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද පැවසුවේය.

    මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට මෙවර වැඩි අවධානයක් යොමු කරන බවද මුහුද් පැළෑටි සහ මුහුදු කූඩැල්ලන් සම්බන්ධයෙන් මෙවර වැඩි අවධානයක් යොමු කරන බවද ධීවර ජනතාව සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බවට පත්කිරීම සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ජංගම වැඩසටහන් සහ බටහිර වෛද්‍ය සායන ක්‍රියාත්මක කරන බවද කියා සිටියේය.

    ධීවර කාන්තාවන් සහ ධීවර දරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින් ඉතුරුම් ක්‍රමවේදයක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනූෂා ගෝකුල මහත්මිය සහ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාද සහභාගී විය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya