මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන (FAO) ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නැංවීමට සුවිශේෂ මෙහෙයක් ඉටු කරනවා. - ධීවර අමාත්‍ය

    දෙසැම්බර් 16, 2023

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නගාසිටුවීම උදෙසා විශාල මෙහෙයක් ඉටුකරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

    ධීවර අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,දා (14 දා) සීනෝර් ආයතනයේ මට්ටක්කුලියේ බෝට්ටු කර්මාන්තශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදි අදහස් දක්වමිනි.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් නෝර්වේ රජයේ ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ධීවරයිගේ සුරක්ෂිතතාවය සදහා දිගින් මීටර් 6.3 සහ පළල මීටර් 07 වන SL 20 සහ SL 23 යන ධීවර යාත්‍රා දෙක සූක්ෂම ලෙස නිර්මාණය කර ඒවා ධීවර අමාත්‍යංශය වෙත ලබාදීම හා ධීවර මසුන් අළෙවිකරන සිල්ලර වෙළෙන්දන් සදහාත් නවීණ තාක්ෂණයෙන් යුත් සිල්ලර වෙළෙද කුටි 30ක් නිර්මාණය කොට වෙළෙදුන් වෙත බෙදාදීම සදහාත් තෙප්පන් ධීවරයින්වෙත බෙදාදීම සදහා තෙප්පන් 25ක් නිෂ්පාදනය කොට ඒවා ධීවර අමාත්‍යංශයට ලබාදීම සදහා මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

    මෙම බෝට්ටු දෙක ඉතා සූක්ෂම ආකාරයට නිෂ්පාදනය කර තිබෙන අතර මේවා සාගරයේදි අනතුරට ලක් නොවන ඉතා සැහැල්ලු පයිබර් වලින් සාදා තිබීම නිසා අතිශය පහසු තත්වයකින් ධීවරයින්ට රැකියාවේ යෙදීමට සළස්වා ඇත. මෙම බෝට්ටු දෙක සීනෝර් ආයතනය මගින් නිෂ්පාදනය කර ඇති අතර ඉදිරිකාලයේදි මේවා නිෂ්පාදනය කර ධීවරයින් අතර ප්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ඇත.

    තවද මාලු සිල්ලර වෙළෙදුන් සදහාද ලබාදෙන ලද කුටි වලින් පරිසර දුෂණය නැවතී මැස්සන් හා සූර්යාලෝකයෙන් මාළු ආවරණය කොට ජනතාවට ගුණාත්මක මළු ලබාදීමට කටයුතු කළ හැකි බැවින් මෙම කුටිද ඉදිරි කාලයේදි රටපුරා වෙළෙදුන් වෙත ලබාදීමට කටයුතු කරනු ඇත.

    අමාත්‍ය දේවානන්ද මහතා පැවසුවේ FAO සංවිධානයේ සහයෝගය ඇතිව සීනෝර් ආයතනය විසින් නිර්මාණය කරන ලද මෙම බෝට්ටු හා මත්ස්‍ය අළෙවිසැල් අපගේ ධීවරයන්ගේ ආරක්ෂාව සහ අපගේ මාළු වෙළෙදසැල්වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සදහා ගන්නා ලද නිර්මාණාත්මක පියවරක් බවයි.

    මෙහිදි අදහස් දැක්වු ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා එක්සත් වී වැඩකිරීම තුළ විශාල වැඩකොටසක් රටවෙනුවෙන් කළහැකි බවත් FAO සංවිධානය හා නොර්වේ රජයත්, නාරා ආයතනය සහ ධීවර දෙපාර්තමේන්තුවත් එක්ව කරන ලද කරන ලද මෙම කටයුතු වලින් විශාල සේවයක් ධීවර ජනතාව වෙත සිදුවන බවද ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සහ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත, FAO සංවිධානයේ මෙරට නියෝජිත නලින් මුණසිංහ යන මහත්වරුන් අදහස් දැක්විය.

    මෙම උත්සවයට ධීවර අමාත්‍යංශයේ, සීනොර් ආයතනයේ FAO සංවිධානයේ නිලධාරීන් රැසක් සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya