මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 වසර නිර්මාණශීලී ව සිතා සංවර්ධනය කරමු ! - අග්‍රාමාත්‍ය

    දෙසැම්බර් 16, 2023

    2024 වසර නිර්මාණශීලී ව සිතා සංවර්ධනය ඇති කළ යුතු වසරක් බවට පත් කිරීමට එක් වෙමු යනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි

    දැඩි මාර්ග තදබදයක් පවතින කොළඹ, කිරුළපන, රොබට් ගුණවර්ධන මාවත පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    බස්නාහිර පළාත් සභාව කොළඹ මහ නගර සභාව,මාර්ග සංවර්ධන අධිකාරිය සහ මහා මාර්ග අමාත්‍යංශය එක්ව මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවාට නංවන අතර මේ සඳහා පළමු අදියරේ වැය කිරිමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 250 කි.

     

    මාස පහක් වැනි වෙනි කෙටි කාලයකදී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමටද සැලසුම් කර ඇත. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා “මේ මොහොත රටේ වේගවත් සංවර්ධනයකට තුඩු දෙන මහාමාර්ග සංවර්ධනය සඳහා මහා මාර්ග අමාත්‍යාංශය, මහභනගර සභාව සහ පළාත් සභාව ඇතුළු සියළුම දෙනාගේ දායකත්වය ලබා ගැනීම ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණයක් බවද පැවසුවේය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, මෙම ප්‍රදේශය මාර්ග තදබදය පවතින ප්‍රදේශයක්. මේ පිළිබඳ හිටපු නගරාධිපතිතුමිය ද අවදානය යොමු කොට අප දැනුවත් කලා. මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන නිවාස යෝජනා ක්‍රමය 1947 සිට කෝට්ටේ ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසත් , කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී වරයෙකු ලෙසත් රොබට් ගුණවර්ධන මහතා ඇති කළ වටිනා ව්‍යාපෘතිය බව සදහන් කළ යුතුයි. මේ කිරුළපන අවට පදිංචි කරුවන් සදහා ඔප්පු ලබා දීම ද අත්‍යවශ්‍ය දෙයක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ අයට විශේෂ ලියාපදිංචියක් යටතේ ඔප්පු ලබා දීමට අපි නුදුරේදි කටයුතු කරනවා. අපනාශ්‍රිත ජනතාවට ද මා ආරාධනා කරනවා නිර්මාණශීලී ලෙස සිතමින් භූමි ප්‍රමාණයන් උපරිම ලෙස භාවිතා කළ හැකි ලෙස නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමට කටයුතු කරන ලෙස. පසුගිය වසර කිහිපය තුළ මෙම ප්‍රදේශයේ ගොඩනැගිලිවල වාණිජ වටිනාකම සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා . එය ජනතාවගේ ආර්ථිකයට අලුත් ආදායමක් එක් කිරීමට හැකි ලෙස සකස් කර ගැනීමට මා මේ නිවැසියන්ට ආරාධනා කරනවා. විවිධ මූල්‍ය ආයතන හරහා ලබා දෙන මූල්‍ය සහනයන් ලබාගෙන හෝ තමන් ජීවත් වන නිවාස තවත් ඉහළ මාලයක් වෙත ගමන් කරවීම නව ආදායම් මාර්ග ඇති කිරීමක් ලෙස අප හඳුනාගෙන තිබෙනවා. 2023 වර්ෂයට වඩා 2024 වර්ෂය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළ යුතු කාල සීමාවක්. අය වැය ලේඛණය ප්‍රකාශයට පත්කොට අනුමත වීමෙන් පසු ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය ඉතා ආදර්ශමත් ව්‍යාපෘතියක්. අපි ගමන් කළ කිරුළපන නගරය තවත් පියවරකින් ඉදිරියට ගෙන යාමට මෙමගින් හැකි වෙනවා. මේ ජනතා හිතවාදී ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට ඔබ සැමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා.” යැයිද පැවසිය.

     

    මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, “දීර්ඝ කාලයකට පසු අද රටේ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන ප්‍රථම අවස්ථාව. අපි දන්නවා රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති කාලයක ජනතාවගේ කිසි දෙයක් ඉෂ්ඨ කර ගන්න බැරි විදිහට රට නතර වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ අග්‍රාමාත්‍යතුමන් ජනාධිපතිතුමන් ඇතුළු පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට ඒළඹුනා. ඒහි පළමු ණය වාරිකය ගෙන රට තුල හුස්ම ගැනීමට හැකි වාතාවරණයක් අපි ඇති කරලා තියනවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කිරීම තුල පෝලිම් යුගය අවසන් කිරීමට අපිට හැකි වුණා. මේ නිසාම ජනතාවට සහන සැලසුනා. අයවැය කියවලා ඉවර වෙද්දි දෙවන ණය වාරිකය මේවනවිට ලැබිලා රට බංකොලොත් නොවී ඉදිරියට යාම ආරම්භ වෙලා තියනවා. අපේ රටේ සියළුම සංවර්ධන යෝජනා ක්‍රම පාහේ කරලා තියෙන්නේ විදේශ ආධාර යටතේ. ඒහෙම වුනේ කිසිදු රජයකට වියදම් පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් ආදායමක් නොතිබුණ නිසා. කොහොම උනත් අපි නැවත 2024 රට තුල සංවර්ධන වැඩ කටයුතු පටන් ගන්න සූදානම්. මෙහිදී පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සමඟ ඒකාබද්ධව වැඩ කරන්න අග්‍රාමාත්‍යතුමා කටයුතු කරනවා. මධ්‍යම රජය පළාත් සභා නගර සභා හා ප්‍රාදේශීය සභා වල අරමුදල් කළමනාකරීත්වයකින් යුතුව නිසිආකාරව යෙදවීම ජනවාරි වල සිට පටන් ගන්නවා.


    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක රාජ්‍ය අමාතයවරුන් වන සිරිපාල ගම්ලත් ,ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත හා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන , රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් රංජිත් අශෝක ,බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න, ලේකම් ජීවියේ විජේසිරි කොළ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඇතුළු ඇතුලු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya