බැංකු ක්ෂේත්‍රයේ විශ්‍රාම ගිය පිරිසකට පුහුණුවක් දී එම කාර්යය සඳහා යෙදවිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. තැන්පත්කරුවන් සඳහා රක්ෂණ ක්‍රමයක් සැකසීම සඳහා යෝජනාවක්ද තමන් නියෝජනය කරන බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව හමුවේ ඉදිරිපත් වූ බවද ඔහු පැවසීය. බැංකුකරුවන්ගේ සංගමයද එම කමිටුව ඉදිරියට පැමිණ කරුණු ඉදිරිපත් කළ බවද ඔහු අනාවරණ කළේය.
මේ නිසා එම කමිටුව ඔස්සේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද, මූල්‍ය නීති සංශෝධනය පිළිබඳ විෂය භාර අමාත්‍යවරුන්ගේ අවධානය යොමුකරන බවද ඔහු ප්‍රකාශ කළේය.
යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, අය-වැය කාරක සභා අවස්ථාවේ අවසන් දින විවාදයට 13 දින එක්වෙමිනි.
ජාතික බැංකු මෙන්ම පෞද්ගලික බැංකුවල ඉතිරිකිරීම්හි වැඩිම දායකත්වය දක්වන්නේ කාන්තාවන් බව කී ඔහු, එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවල අඩුම ගණනේ ආසන දෙකක්වත් කාන්තාවන්ට අයත්වන ලෙස නීති සංශෝධනය කළ හැකි නම් එය වැදගත් බවද කියා සිටියේය.
මෙරට සාමාන්‍ය වයස අවුරුදු 30ක් පමණ වන බවද නුදුරේදී එය අවුරුදු 40 ක් වන බවද, ඒ අනුව මෙරට වයස්ගත ජනගහණයක් ඇතිවන බවද, මුල්‍ය සාක්ෂරතාවය අවම මට්ටමක පවතින නිසා එය වර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
තාක්ෂණය ඔස්සේ තරුණ පරපුර යොමුවී ඇති ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) වැනි සහ ඔට්ටු සීට්ටු ආදී ඔස්සේ ඇති ක්ෂුද්‍ර මුල්‍ය වැනි අවිධිමත් අංශ සඳහා රෙගුලාසි ඇතිවිය යුතු බව ඔහු පැවසීය.
වාර්තා අනුව දිවයින පුරා ක්ෂුද්‍ර මූල්‍ය හා කාන්තා සමූපකාර අංශවල අයකරගත නොහැකි මුදල රුපියල් බිලියන 20ක් පමණ වන බව ප්‍රකාශ කළ ඔහු, මේ සඳහා නව තාක්ෂණය ඔස්සේ ප්‍රවේශයක් අවශ්‍ය බවද කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබී ඇති අතර රට වර්ධනය කරා යොමුවී ඇති බවද යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.