අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංකොළොත් යැයි කියූ රටක් අද වන විට ආර්ථිකයෙන් ඉහළට ගෙන ඒමට හැකි වීම සතුටට කරුණක්

    දෙසැම්බර් 13, 2023

    මීට වසර එක හමාරකට පෙර බංකොළොත් යැයි කියූ රටක් අද වන විට ආර්ථිකයෙන් ඉහළට ගෙන ඒමට හැකි වීම සතුටු විය හැකි කාරණයක් බවත්, රට යළි නැගී සිටීමට හේතු වූයේ සියලු දේ උපේක්ෂාවෙන් විඳ දරාගෙන සිටින ජනතාව නිසා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අවසන් කතාව සිදු කරමිණි.

    ජනතාව වෙනුවෙන් උපරිම ලෙස කැපවීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මීට වසර එක හමාරකට පෙර බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කළ රටක් සියලු ණය හිමි රටවල එකගාතව මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ද හිමි කර ගැනිම සතුටට කරුණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව යමින් සිදු කළ ප්‍රතිසංස්කරණ මෙරට ආර්ථිකයට ධනාත්මක බලපෑමක් එල්ල කළ ඇතැයි ද අමාත්‍යවරයා පැවැසීය. 2022 වසරේ අවසානයේ 57.2% පැවැති උද්ධමනය අද වන විට 3.4% දක්වා පහත බැස තිබේ. 719000ක් වූ විදේශ සංචාරයකන් ප්‍රමාණය 1276000 දක්වා ඉහළ ගොස් ඇති බව කියා සිටි සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේ විදේශ ප්‍රේෂණ ද ඇඩො මිලියන 3789 සිට මිලියන 5399 දක්වා ඉහළ ගොස් ඇති බවයි. 2022 වසරේ ද අවසානයේ ඍණ 895ක මට්ටමේ පැවැති ප්‍රාථමික ගිණුමේ ශේෂය මේ වන විට ධන 225 දක්වා ඉහළ ගොස් ඇති බව ද කියා සිටියේ ය.

    වැට් බදු ඉහළ නැංවීම ජනතාවට බරක් බව පිළිගන්නා බවත් හැකි පළමු අවස්ථාවේ දීම බදු බර පහත හෙලා ජනතාවට සහන ලබා දීමට සූදානම් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.


    එහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    සැමට බදු ලිපි ගොනුවක් කිව්වම භීතිකාවක් ඇති කර ගන්න ඕන නැහැ. අපි බලන්නේ ඒ පුද්ගලයින් ස්වේච්ඡාවෙන් ලබා දෙන තොරතුරු පමණයි. ඔවුන් අතීතයේ කළ දේවල් පිළිබඳව සොයා බලන්නේ නැහැ. අපි බලන්නේ අනාගතයක් ගොඩ නගන්න විතරයි. වැට් වැඩි කිරීම ප්‍රශ්නයක්. නමුත් රාජ්‍ය ආදායම එකතු කර ගතයුතුයි. එසේ නොවුනහොත් රාජ්‍ය තන්ත්‍රයම කඩා වැටෙනවා.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya