අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය සම්මත වෙයි

    දෙසැම්බර් 13, 2023

    2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (13) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 41කින් සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.

    අයවැයට පක්ෂව ඡන්ද 122 ලැබුණු අතර  විපක්ෂව ඡන්ද 81ක් ලැබුණි. වැළකී සිටි සංඛ්‍යාව 01කි.

    එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බෙදිමක් ඉල්ලා සිටියේ ය,

     මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවා තිබූ මන්ත්‍රීවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ට අය වැය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පමණක් පාර්ලිමේන්තුවට කැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. ඒ අනුව එම මන්ත්‍රීවරුන් වේත්‍රධාරීවරයා විසින් පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනු ලැබීය.

    2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2023 නොවැම්බර් 14 වැනිදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැති අතර අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අගහරුවාදා දා පැවැත්විණ.

    කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19 ක් පැවැතිණ. 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් 13 වැනි සදුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

     අයවැය අවසාන ඡන්ද විමසීමේදී තමා ඊට විරුද්ධව ඡන්දය දෙන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා අද පෙරවරුවේදි ප්‍රකාශ කළේය.ඒ අනුව මන්ත්‍රීවරයා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya