අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළඹෙන ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනය කරනවා - බලශක්ති ඇමති

    දෙසැම්බර් 13, 2023

    විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ සඳහා වර්ෂාපතනය ලැබෙන නිසා යම් වාසියක් තිබෙන බැවින් එළඹෙන ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනය කිරීමට හැකි වනු ඇතැයි, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිණි.

    මෙරට දීර්ග කාලයක් තිස්සේ නිවැරදි බදු ප්‍රතිපත්ති අනුගමනය නොකිරීම සහ විවිධ සහනාධාර මත යැපීම නිසා මෙවැනි ආර්ථික අර්බුදයකට රට මුහුණ දීමට සිදු වූ බවත් එබැවින් 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදට යාමට සිදු වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    විදුලි බිල වැඩි කිරීමට, බදු බර වැඩි කිරීමට රජය කැමති නැහැ. නමුත් පසුගිය අවුරුදු 10ක් තිස්සේ නව විදුලි බලාගාර ඇති වී නැහැ. විදුලි බිල වැඩියි කිවුවට කිසිවෙක් ඊට විසඳුම් ලබා දුන්නේ නැහැ. අඩු වියදමින් විදුලිය උත්පාදනය කරන බලාගාර ඇති කර නැහැ. පසුගිය වසර 1 1/2 දී රජයක් වශයෙන් ඉතා අසීරු තීන්දු තීරණ ගැනීමට සිදු වුණා. පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම සඳහා කැපු වූ මිනිසුන්ට අද නම් කිය කිය පහර ගහනවා.

    අපි පසුගිය වසරම ගත කළේ, ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට. නමුත් විදුලිය සහ ඉන්ධන නොමැතිව කිසිම ආයෝජකයෙක් මෙරටට එන්නේ නැහැ .අද රට ස්ථාවරභාවයට හැරෙමින් ඉන්න බව අපිට පේන්න තිබෙනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබා දීමේ තීන්දුව ඊයේ ගත්තා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමිව තිබේනවා.එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹ ඇති මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ (12) රැස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සිදුකර තිබෙනවා.

     

    පසුගිය සිකුරාදා මුළු රටේම විදුලිය ඇණ හිටීමක් සිදුවුණා. එම පැය පහේ අලාභයට වගකියන්න ඕන කියලා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයා චෝදනා කරනවා. නමුත් ඊට පෙර දවසට පැය ගණන් විදුලි කප්පාදුව සිදු වීමේ පාඩුව ගැන කතා කරන්නේ නැහැ. එසේ විදුලිය කප්පාදු කිරීමට හේතු වූ විදුලි බලාගාර ඉදි නොකිරීම සහපුනර්ජනනිය බලශක්ති උත්පාදනය සඳහා යොමු නොවීම ගැන කතා කරන්නේ නැහැ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya