අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත් සහන මිලට ලබා දීමේ වැඩසටහනක්

    දෙසැම්බර් 13, 2023

    පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත් සහන මිලට ලබා දීමේ වැඩසටහනක් මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(13) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමිනි.

    ඒ අනුව අදාළ පාසල් වල විදුහල්පතිවරුන්ගේ මැදිහත් වීම මත මේ සඳහා අයදුම් කළ හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පාසල් දරුවන්ගේ පොත් පත්වල මිල ගණන් අධික වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම සාකච්ඡා කළ බවත් ඒ අනුව සහන මිලට පොත් පත් ලබා ගත හැකි බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya