අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ලබන වසරේ දී හඳුන්වා දෙනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    දෙසැම්බර් 13, 2023

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ලබන වසරේදී හඳුන්වා දෙන බවත් දැනට ව්‍යුහාත්මකව පවතින දුර්වලතා හඳුනාගෙන,විදේශීය වශයෙන් පිළිගත් සම්මතයන්ට අනුකූලව එම පනත මෙම පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අද මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැට් බදු අයකරන භාණ්ඩ ලැයිස්තුව ඉදිරි සති කිහිපයේදී වෙන් වෙන් වශයෙන් මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කරන බවද සේමසිංහ අමාත්‍යවරයා පැවසීය. එම කටයුත්ත මුදල් අමාත්‍යංශයේ නිලධාරින් විසින් මේ වන විට සිදුකරගෙන යන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, එක් එක් භාණ්ඩයට වැට් අයකර ගන්නා ආකාරය පිළිබඳ නිශ්චිත භාණ්ඩ ලැයිස්තුව අපි ලබන සති කිහිපයේදී මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පළ කරනවා.

    මෙවර අයවැය ලේඛනය තුළ බදු ජාලය පුළුල් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රටේ බදු පරිපාලනය විශාල වශයෙන් ශක්තිමත් කළ යුතු බවද පැවසීය.

    2019 වර්ෂයේදී ලියාපදිංචි වැට් බදු ලිපි ගොනු ප්‍රමාණය 28,914යි නමුත් මෙම වසරේදී ලියපාදිංචි සීමාව 13,142. මෙය සතුටු වෙන්න පුළුවන් ප්‍රමාණයක් නොවන බවත් හැම කෙනෙකුම සාධාරණ බදු ගෙවන තත්වයට පත් කළ යුතු බවද කීය.

    ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    අපි අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණයක් තමයි බදු පරිපාලනය. මෙම ආර්ථික අර්බුදයට එන තුරු කිසිම රජයක් බදු පරිපාලනය ගැන අවධානය යොමු කළේ නැහැ. මෙරට බදු පරිපාලනය විශාල වශයෙන් ශක්තිමත් විය යුතුයි. මේ පිළීබඳ මෙතෙක් රජය එතරම් අවධානය යොමු කළේ නැහැ. නමුත් බදු ජාලය ශක්තිමත් කිරීම පිළිබඳ මේ වන විට අවධානය යොමු කර තිබෙනවා. නමුත් එම තත්වය තවත් ශක්තිමත් විය යුතුයි.බදු ගෙවන්නා සහ බදු පරිපාලනය අතර තිබිය යුතු පුද්ගලික සබඳතාවය ඉවත් විය යුතු බවත් ඒ සඳහා ඉදිරියේදී ඩිජිටල් ක්‍රමය හඳුන්වා දෙන බවද කීය

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya