මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිවේගී මාර්ග සඳහා නිසි ආරක්ෂක වැඩපිළිවෙළකට සැලසුම් - එතෙක් එස්.ටී.එෆ්. නිලධාරීන් රඳවා ගැනීමට කාලයක් ලබාදෙන්න

    දෙසැම්බර් 13, 2023

    අධිවේගී මාර්ග සඳහා නිසි ආරක්ෂාවක් යොදා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කර ගන්නා තෙක් එස්.ටී.එෆ්. නිලධාරීන් රඳවා ගැනීමට කාලයක් ලබාදෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(13) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක්ද සිදු කළේය.

    ස්ථාවර නියෝග 27/2 යටතේ ආරක්ෂක අයවැය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එස්.ටී.එෆ්. එක ඉවත් කරන බවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත මහජන ආරක්ෂක ඇමැතිවරයා ලිපියක් යොමු කර තිබූ බවත් මාර්ගවල කටයුතු කිරීම එස්.ටී.එෆ්. එකේ රාජකාරිය නොවන බව ඇමැතිවරයා ලෙස තමා පිළිගන්නා බවත් ඇමැතිවරයා පැවසුවේය.

    ගිනි නිවන හමුදාව සහ සෙසු නිලධාරීන් විසින් මහාමාර්ග කටයුතු කළ යුතු බවත් 2011 වසරේ ආරම්භ කළ පිළිවෙතක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ එස්.ටී.එෆ්. එක මහාමාර්ග ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබූ බවත් ඇමැතිවරයා කීය.

    අධිවේගී මාර්ග සඳහා නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සැලසුම් කර ගන්නා තෙක් කාලයක් අවශ්‍ය නිසා ඒ කාලය ලබාදී එස්.ටී.එෆ්. ඉවත් කරගැනීමට පියවර ගන්නා ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් අධිවේගී මාර්ගවලින් එස්.ටී.එෆ්. එක ඉවත් කර ගත යුතු යැයි ස්ථාවරයේ සිටින බවත් ඇමැතිවරයා පැවසුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya