අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යළිත් මහජනතාවගේ අවධානය වැඩි වශයෙන් කොවිඩ් 19 නිවාරණයට යොමුකරගැනීම අත්‍යවශ්‍යයි- විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

    සැප්තැම්බර් 16, 2020

    කොවිඩ් නිවාරණය කෙමෙන් අමතකව යාමේ ලක්ෂණ ශ්‍රී ලාංකීය සමාජයේ කෙමෙන් පෙන්නුම් කරමින් පවතින බවත් මෙම තත්ත්වය රටක් වශයෙන් ඒතරම් යහපත් ප්‍රවණතාවයක්  නොවන බැවින් යළිත් මහජනතාවගේ අවධානය වැඩි වශයෙන් කොවිඩ් 19 නිවාරණයට යොමුකරගැනීම අත්‍යවශ්‍ය බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර  මහතා අවධාරණය කරයි

    කොවිඩ් 19 පිළිබද අවධානය ගිලිහී යාම රටට බලපාන්නේ කේසේද යන වග මෙන්ම කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය හා නිවාරණය පිළිබදව වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් (15) දින සෞඛ්‍ය  ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ප්‍රවෘත්ති  සාකච්ඡාවක් පැවැත්විණි.

    ඒහිදී වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, ජනවාරි 27 වන දින මෙරටින් පළමු කොවිඩ් රෝගියා හමුවීමත් සමග මේ දක්වා මාස 08ක  කාලයක් තුළ සෞඛ්‍ය අංශ වල කැපවීම මෙන්ම අප රටේ ජනතාවගේ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත්, අපරිමිත උත්සාහයත් මත රටක් වශයෙන් අපරට අන් රට වලට සාපේක්ෂව  කොවිඩ් මර්දනයෙහිලා සැලකිය යුතු යහපත් ප්‍රවණතාවයක් අත් කරගත් බවයි.

    අගෝස්තු 02 වන දින අප රටෙහි සමාජයෙන් අවසන් වරට රෝගියෙකු හමුවූ බවත් වෙන රට වලට සාපේක්ෂව සුවිශේෂී අයුරින් අප රටෙහි කොවිඩ් මර්දනය කළ ආකාරයත් ඒහිදී වෛද්‍යවරයා  වැඩිදුරටත් විස්තර කළේය.

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රම වර්තමානයේ ක්‍රමයෙන් ජනතාව තුළින් ගිලිහෙමින් පවතින බවක් දැකිය හැකි බව අවදාරණය කළ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසුවේ, මුඛ ආවරණ  පැළදීම, සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම මෙන්ම සබන් යොදා අත් සේදීමද පෙර පරිදිම ක්‍රියාත්මක කළ යුතු බවයි. මේ වන විට පාසල්, ආයන ආදිය විවෘත කර, සාමාන්‍ය පරිදි සමාජ  ක්‍රියාකාරකම් සිදුවන වකවානුවක වුවද තවමත් කොවිඩ් අවදානම අප අතරින් තුරන් වී නොමැති හෙයින් මුඛ ආවරණ පැළදීමට මැළි නොවන ලෙසත්, පොදු ප්‍රවාහන සේවා ආදියේදී  වර්තමානයේ කිස්දු සෞඛ්‍යාරක්ෂාවක් නොතකමින් බොහෝ විට මගීන් ප්‍රවාහනය කළද ජනතාව විසින් සමාජ දුරස්ථභාවය තබාගනිමින් මුඛ ආවරණ පළදිමින් හැකි උපරිමයෙන්ම පෙර පරිදි  සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීමට වගබලාගන්නා ලෙස අවදාරණය කළේය.

    මේ දක්වා කොවිඩ් 19 ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය කිරීමට හැකිවූයේ මහජනතාව ලබාදුන් අනගි සහාය නිසා බවද වෛද්‍යවරයා විශේෂයෙන් සිහිපත් කළේය. මෙම පසුබිම තුළ ශ්‍රී  ලංකාවේ කොවිඩ් වර්තමාන තත්ත්වය හා නිවාරණය පිළිබදව මහජන අවධානය ලබාගැනීමේ වැඩසටහන් ගණනාවක් සංවිධානය වෙමින් පවතින පසුබිමක ඒම විශේෂ වැඩ පිළිවෙලෙහි ඒක්  පියවරක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සමග ඒක්ව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

    මෙහිදී ඒළඹෙන 18 වන දින ඇරඹීමට නියමිතව ඇති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සහ ඒයට සහභාගී වන පාඨක ජන ගංගාව සහ කොවිඩ් අවදානම පිළිබදවද පැනයක් මතුවිය. ඒයට  වෛද්‍යතුමන් පිළිතුරු දැක්වූයේ පොත් ප්‍රකාශකයන්ගේ සංගම් වෙතද කොවිඩ් මාර්ගෝපදේශ ලබාදී ඇති බවත් අත්‍යවශ්‍යම හේතුවකට හැර ජනතාව රැස්වන අවස්ථාවන් වලට යාමෙන් වලකින  ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමිනි.

    මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේදී කොවිඩ් වලින් ආරක්ෂා වීම සදහා නිපදවා ඇති විශේෂ උපකරණයක් ගෙනඒමින් ඒ පිළිබදව කෙටි හැදින්වීමක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙහි ප්‍රජා  වෛද්‍ය ලේඛකාධිකාරී වෛද්‍ය අශාන් පතිරණ මහතා විසින් සිදුකළේය.

    සාමාන්‍යයෙන් ජනතාව පළදින මුඛ ආවරණ වලට වඩා වැඩි සෞඛ්‍යාරක්ෂිත උපකරණයක් වන මෙමගින් මුළු හිසම ආවරණය කළ හැකියාවක් ඇති අතර අපහසුවකින් තොරව පළදිමින්  සාමාන්‍ය වැඩකටයුතු කළ හැකි වීම විශේෂත්වයක් වන අතරම වාතය පෙරීමකට භාජනය කර ලබාදීමේ හැකියාවක්ද මෙය සතුව ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya