අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ආසාදිත තුනක් හඳුනාගනී- කන්දකාඩු සහ සේනපුර මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 606ක්

    අගෝස්තු 10, 2020

    අද (10) දින උදෑසන වනවිට කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු (03) හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි..

     

    එම පුද්ගලයින් තිදෙනා (03) අතරින් පුද්ගලයින් දෙදෙනෙකු සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් වන අතර, ඉතිරි පුද්ගලයා (01) ඉන්දියාවේ සිට මෙරටට පැමිණ කොග්ගල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙකු ලෙස වාර්ථා වේ.

    ඒ අනුව, අද (10) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 606 දෙනෙකු වේ.

    පුනරුත්ථාපනය වන රැඳවියන් - 485
    කාර්ය මණ්ඩලය - 67
    ආරාධිත කාර්ය මණ්ඩලය - 05
    පවුල් හා සමීපතමයින් - 48
    වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් - 19 වෛරසය - 01
    ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින්
    එකතුව - 606

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya