මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෝහා සිට පැමිණි පුද්ගලයින් 10 නිරෝධායනයට- නිරෝධායනය අවසන් කළ 171 ක් තම නිවෙස් වෙත

    ජූලි 28, 2020

    දෝහා සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.

    එම පුද්ගලයින් සියලු දෙනා යුද හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

    මේ අතර අද (28) දින යුද හමුදාව මඟින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් සිය නිරෝධායනය අවසන් කළ 171 ක් තම නිවෙස් වෙත යැමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    මේ වනවිට 27105ක් සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත ගොස් සිටින අතර නිරෝධායන මධ්‍යස්ථාන 38ක පුද්ගලයන් 3409ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya