මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 දක්වා ඉහළට

    මැයි 13, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමග COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා තිබේ.


    තලගල මංගලාරාම මහා විහාරාධිපති පූජ්‍ය තලගල සුමනරතන හිමි රුපියල් ලක්ෂයක්, ශ්‍රී ශාන්තිධාර පානබොක්කේ පදනමේ සභාපති, මහාචාර්ය වෛද්‍ය එස්.කේ. පානබොක්කේ භික්ෂුණින් වහන්සේ රුපියල් මිලියනයක්, හිටපු පළාත් සහා මන්ත්‍රීනි ඒ.එම්.ඒ. මානෙල් බණ්ඩාර මහත්මිය රුපියල් පනස්දහසක් සහ The Power Guard Security and Investigation Bureau ආයතනය රුපියල් දෙලක්ෂ අටදහස් අටසියයක්, KDA Weerasinghe and Co.(pvt) ltd ආයතනය රුපියල් පනස්දහසක්, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී සමරතුංග මහතා රු 50,000ක් අරමුදලට ප්‍රදානය කර ඇත.


    Eventistry පෞද්ගලික සමාගම රුපියල් හැත්තෑ තුන්දහසක් සහ Lalan ඉංජිනියරින් පෞද්ගලික සමාගම එක්ලක්ෂ පනස්දහසක් අරමුදලට පිළිගැන්විය. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශීලිහු ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන. දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැනගත හැකිය.

    -PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya