අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට හෙට විවෘත කිරීමේ අරමුණ වන්නේ ආර්ථිකය පණගැන්වීමට අවශ්‍ය පුද්ගලික සහ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමයි - සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි

    මැයි 10, 2020

    රටේ ආර්ථිකය යළි පණගැන්වීමට සහ ඒ් සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට හෙට දින රට විවෘත කිරීමට රජය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

     

    මාධ්‍ය වෙත අද (11) විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

    හෙට දින(11) රට විවෘත කිරීමෙන් රජයක් විදියට කාරණා දෙකක් අපේක්ෂා කරන බවත් හෙට දින ජනජීවිතය යථාවත් කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරිය තවදුරටත් මෙසේ පැවසුවාය.

    මෙහිදී පළමවැන්න වනුයේ රටේ ආර්ථිකය ක්‍රමයෙන් පණගැන්වීම සදහා පෞද්ගලික අංශය විවෘත කිරීමයි. දෙවනි කාරණය නම් ඒම ආර්ථිකය පණගැන්වීම සදහා අවශ්‍ය කරන කටයුත්ත සිදුකිරීමට රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමයි. ඒම නිසා මහජනතාව අනවශ්‍ය ලෙස හෙට දින නගර කරා පැමිණෙනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බව අමාත්‍යවරිය කියා සිටියාය.

    පසුගිය සතිය තුළ මෙන්ම මේ වන විටද බණ්ඩාරනායක මාවතේ අවදානම් කලාපය තුළ කිසිදු රෝගියෙකු වාර්තා නොවූ බවත්, ඒමෙන්ම සුදුවැල්ල ප්‍රදේශයේද අවදානම් පොකුර තුළ හෝ ඒ් අවට කිසිදු ස්ථානයක රෝගීන් වාර්තා නොවූ බවත් අමාත්‍යවරිය විශේෂයෙන් අවධාරණය කර සිටියාය.

    ඒමෙන්ම වැලිසර නාවික හමුදා කදවුරෙන් මතුවන රෝගීන් සහ ඒම කදවුරට සම්බන්ධ කිට්ටු ආශ්‍රිතයන්ගෙන් මතුවන රෝගීන් හැරෙන්නට සමාජය තුළින් රෝගීන් හමුවීමක් පසුගිය සතිය පුරාවටම දක්නට නොලැබුණු බවද සදහන් කළාය.

    ඒමනිසා මෙවැනි කාරණා පදනම් කරගෙන රටේ ආර්ථිකය යළි පණගැන්වීමට සහ ඒ් සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට හෙට දින රට විවෘත කිරීමට රජය තීරණය කළ බව අවධාරණය කරන කළාය.

    සෞඛ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ හෙට(11) දින රට විවෘත වීමත් සමඟ අනවශ්‍ය ලෙසට නගර වලට පැමිණීමත්, නිවෙස් වලින් පිටතට යාමත් සිදුනොකර තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සළසා ගන්නා ලෙසටයි.

    ඒතුමියට අනූව තව දුරටත් අපි මේ කටයුත්ත මේ ආකාරයෙන් පවත්වාගෙන ගොස් රටක් විදියට මේ රට නගිට්ටවාගත යුතුයි. ඒ් වගේම විශේෂයෙන් නාවික හමුදා සොයුරන්ගේ නිවෙස් වල අය, රෝගීන් ලෙස වාර්තා වුණු අයගේ නිවෙස් වල අය, ඔවුන් සමග කිට්ටු සබදතා තිබූ අය නිරෝධායනයට ලක් කළා. අපි ඔවුන්ගෙනුත් ඉල්ලා සිටිනවා ඔබ නිරෝධායනයට ලක්වූ කෙනෙක් නම් මේ විවෘත කිරීමේදී ඔබට වගකීමක් නැහැ මෙම නිරෝධායනයෙන් ඉවත්ව නිදහසේ සැරිසරන්න. නාවික හමුදාවට සම්බන්ධ නිරෝධායනයට ලක්වූවන්ට මෙන්ම ඒම නාවික හමුදා පවුල් වල අයටත් මේ අවස්ථාවේ විශේෂ වගකීමක් පවතිනවා ඔබ නිවෙස් තුළම රැදීසිටිමින් ඔබේ නිරෝධායන කාලය අවසන් වන තුරු සමාජයට මෙම රෝගය බෝ වීම වැළැක්වීමට කටයුතු කිරීම යැයි ප්‍රකාශ කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya