අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ්-19 ව්‍යසනයෙන් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන් හට සහන ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමා දීර්ඝ කෙරේ

    මැයි 05, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කොවිඩ්-19 ව්‍යසනයෙන් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන් හට සහන ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමා දීර්ඝ කෙරෙයි.

    කොරෝනා ව්‍යසනය හේතුවෙන් මූල්‍ය ආයතනයන්ගේ ඇතැම් ගනුදෙනුකරුවන් විසින් මුහුණ පා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ගනුදෙනුකරුවන් හට ණය සහන සහ 4% වාර්ෂික පොලී අනුපාතය යටතේ මාස දෙකක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ (2020 අප්‍රේල් 30 වැනි දිනට යෙදී තිබූ) අවසාන දිනය 2020 මැයි15 දින දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

    එමෙන් ම, රුපියල් 500,000ට වඩා අඩු වටිනාකමින් යුතු වලංගු කාලය ඉක්ම ගොස් ඇති චෙක්පත්, බලපත්‍රලාභී බැංකු විසින් 2020 මැයි15 දින දක්වා වලංගු සේ සැලකිය යුතු වේ. මෙම කාල සීමා දීර්ඝ කිරීම 2020 අප්‍රේල් 28 වැනි දින නිකුත් කරන ලද 2020 අංක 06 දරණ චක්‍රලේඛය මගින් ක්‍රියාත්මක කර ඇත.


    ණය සහන ලබා ගැනීමට සුදුසුකම් ලබන ව්‍යාපාර හා පුද්ගලයන් ඊට අදාළ තොරතුරු/ලේඛන කල් වේලා ඇති ව සිය බැංකු වෙත ලබා දීම අවශ්‍ය වේ. මෙම සහන අනුව, අදාළ සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන්ගේ ණය පහසුකම්වල ආපසු ගෙවීමේ කාලය, ණය සහන කාල සීමාවෙන් දීර්ඝ කිරීමට බැංකු විසින් කටයුතු කළ යුතු ය.

    එබැවින්, මෙම දීර්ඝ කළ කාල සීමාව අමතර පිරිවැයකින් තොර ව තම ණය පහසුකම් පියවා දැමීම සඳහා අවස්ථාවක් කර ගන්නා ලෙස ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින අතර එමගින් බැංකු හට ද සිය ද්‍රවශීලතා තත්ත්වයන් ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya