අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවේට්, සෞදි අරාබියා, කටාර්, ලෙබනන් ඇතුළු රටවල අපහසුතාවයට පත්වි සිටින ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ට වියළි අහාර

    මැයි 04, 2020

    කොරෝනා වෛයිරස‍යේ ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්වි විදේශ රටවල රැකියාවන්හී නිරතව සිටින විගමණික ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් මත වියළි ආහාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ.

    ඒ අනුව, සෞදි අරාබි රාජ්‍යය (රියාද්, දමාම් හා ජෙඩා නගර), කටාර්, කුවේට්, ලෙබනන් යන රාජ්‍යයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හා කොන්සල් කාර්යලයන්හි කම්කරු සුභසාධන අංශය විසින් අපහසුතාවයට පත් විගමණික ශ්‍රමිකයන්ට වියළි ආහාර බොදා දී ඇත. එසේම මීට පෙරද ඩුබායි හා උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ට වියලි අහාර ලබාදීම තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශය විසින් පසුගියදා සිදුකරන ලදි.

    මෙම රටවල කර්මාන්ත ශාලා තාවකාලිකව වසා දැමිම හා ඇදිරි නීතිය පනවා තිබිම නිසා නගරවල කොටුවී සිටන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා නිති විරෝධිව රැදිසිටින ශ්‍රමිකයන්ට මේ අනුව වියලි අහාර ලබාදීම සිදුකර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya