මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවල,පන්විල,චීන කොරටුව,අකුරණ තවදුරටත් හුදෙකලා ගම්මාන නොවෙයි- යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

    මැයි 03, 2020

    හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කොට තිබූ බේරුවල ප්‍රදේශයේ පන්විල, චීන කොරටුව සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ යන ගම්මාන තවදුරටත් හුදෙකලා ගම්මාන නොවන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර සිටී.

     

    COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඒ මහතා අද (03) මේ බව සඳහන් කළේය.

    ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම පාඨමාලා සඳහා ගොස් තිබෙන රාජ්‍ය අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් ඇතුළු 207 ක කණ්ඩායමක් අද (03) එංගලන්තයේ සිට මෙරටට පැමිණීමට නියමිත වන අතර ඔවුන් සියලු දෙනා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමට ද නියමිතව ඇති බව ඒ මහතා සඳහන් කළේය.


    ඒ අනුව අද දිනයේ දී යුධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයකින් තම නිරෝධායන කටයුතු අවසන්ව මෙන්ම PCR පරීක්ෂණ කටයුතු සිදු කිරිමෙන් අනතුරුව 11 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ඔවුන්ගේ නිවෙස් වලට මුදා හරිනු ලැබූ බව ද යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.


    මේ අනුව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් 4,917 ක පිරිසක් මේ දක්වා නිරෝධායනය කර ඔවුන්ගේ නිවෙස් කරා මුදා හැර ඇත.
    ශ්‍රී ලංකා නාවික හමුදාවේ විරෝධාර රණවිරුවන් සහ ඔවුන්ගේ ඥාතීන් ඇතුළු ආසාදිතයින් ඇසුරු කරන ලද අයවළුන් 1,023 දෙනකු මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වල තවදුරටත් නිරෝධායනය වෙමින් පවතින බවත් යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.


    ඒ අනුව අද දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථාන 36 ක් තුළ 4,635 දෙනකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya