අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COVID-19 වෛරසය මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස්වේ- PCR පරීක්ෂණ 6000 ක් දක්වා ඉහළ නැංවීමට අවධානය

    මැයි 03, 2020

    COVID-19 වෛරස ව්‍යාප්තියේ වර්ධනයක් ඉදිරියේ සිදු වුවහොත් දිනකට PCR පරීක්ෂණ 6000 ක් දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

     

    කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සදහා තව දුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව (01) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

    මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

    මෙහිදී ඉදිරි කාලය තුල දී COVID-19 වෛරසය ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වුවහොත් දිනකට PCR පරීක්ෂණ 6000 ක් සිදු කිරීම සුදුසු යැයි වසංගත රෝග විද්‍යා අංශය මගින් සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කරන ලදි. මේ වනවිට PCR පරීක්ෂණ රජයේ හා පෞද්ලික අංශයේ රසායනාගාර 15 ක් තුල සිදු කරන බවත්, එම රසායනාගාරවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් හිගයකින් තොරව ලබාදිමට අවශ්‍ය කටයුතු සළසන මෙන් ද , මීට අමතරව ක්ෂේත්‍රයේ මෙම මර්ධන කටයුත්ත සිදුකරන සෞඛ්‍ය ඇතුලු ආරක්ෂක අංශයේ කාර්ය මන්ඩලයටද අවශ්‍ය වන පුද්ගල ආරක්ෂිත ඇදුම් හිගයකින් තොරව ලබාදීමේ ක්‍රමවේදය විධිමත් කරන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යතුමිය නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

    තවද ඉදිරියේ දී අවදානම් කළාපයක් තුල හදිසි ආපදා තත්ත්වයක් (ගංවතුරක් වැනි) ඇති වුවහොත් එම ප්‍රදේශ තුල වෛරසය ව්‍යාප්තිය පාලනය සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදවත්, සෞඛ්‍ය හා ආරක්ෂක කාර්ය මණ්ඩලය විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද පිළිබදවත් විධිමත් ක්‍රමවේදයක් සකස් කරන මෙන් අමාත්‍යතුමිය විසින් නිලධාරීන්ව දැනුවත් කරන ලදි. ඒමෙන්ම ඒලබෙන වෙසක් සමය තුල ජනතාව ක්‍රියාකල යුතු ආකාරය පිළිබදවද මෙම සාකච්ජාවේදී අවධානය යොමුවිය.ඒ සදහා විශේෂ උපදෙස් මාලාවක් මේ වනවිට නිකුත් කිරීමට කටයුතු කර ඇත.

    මෙම අවස්ථාවට විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන,අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම්,සබරගමුව පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතායන මහත්ම මහත්මීන්විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලුනිළධාරීන් පිරිසක් සහභාගි විය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya