අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශයන් හි සේවයේ නියුතු විදේශ ශ්‍රමිකයින් පිළිබඳ තොරතුරු ලබා ගැනිමට පැය 24 පුරා ක්‍රියාතමක hotline අංකයක්

    මැයි 01, 2020

    විදේශයන් හි සේවයේ නියුතු විදේශ ශ්‍රමිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනිම සදහා පැය 24 පුරා ක්‍රියාතමක වන hotline අංකයක් හදුන්වා දී ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වු ඇමතිවරයා,

    විදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්තු කාර්යංශය මගින් "1989"⁣යන දුරකතන අංකය හදුන්වා දී ඇති බව සඳහන් කළේ ය.මේ අනුව පැය 24 පුරාම මෙම දුරකතන අංකය ක්‍රියාත්මක වෙයි.

    කෙසේ වුවද,විදේශ ⁣රටවලට රැකියා හා අධ්‍යාපනය සදහා ගොස් ඇති සියලු ශ්‍රි ලාංකිකයන්ට කුමන හෝ අපහසුතාවයකට ලක්ව ඇත්නම් එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට,කොන්සාල් ජනරාල් කාර්යාලයට හෝ කොමසාරිස් කාර්යාලයට දැන්විය හැකියි.

    මේවන විට ක්‍රමිකව විසා අවසන් වු හා කොන්ත්‍රාත් කාලය අවසන් වු ශ්‍රි ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිවෙළ ද ක්‍රියාත්මක බව විදේශ කටයුතු ඇමති දිනේෂගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලය⁣ට දැන් වු බව ඇමති බන්දුල ගුණවර්ධන සදහන් කළේය.

    ඊට අමතරව,යම් තොරතුරක් ලබා ගැනීමටඇතිනම් ළඟ ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ සේවා කටයුතු පිලිබදව යොදාස්ට්න නිලධාරිනිය හමු වන ලෙසින් දඇමතිවරයා දන්වා සිටියි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya