අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳ තොරතුරු ඔන් ලයින් මගින් කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන්න.

    අප්‍රේල් 30, 2020

    කොරෝනා හෙවත් කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් කරයි.

    ඒ අනුව, මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතනවල පැවැත්ම හා ඒවායෙහි සේවය කරන අයගේ රැකියාවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සුදුසු තීරණ ගැනීමට සහ එම ආයතනවලට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධයෙන් සලකා බැලීමට රජයට පහසු වීම සඳහා මෙම සමීක්ෂණය අතිශයින් වැදගත් වෙයි.

     

    එමනිසා සියලු පෞද්ගලික ආයතන විසින් මෙම සමීක්ෂණයට අදාල පෝරමය කම්කරු දෙපාර්තමේන්තුවේ www.labourdept.gov.lk අඩවියට පිවිස ඔන් ලයින් හරහා සම්පූර්ණ කොට 2020 මැයි මස 03 වැනිදා හෝ ඊට පෙර කම්කරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

    එක් එක් ව්‍යාපාරය සඳහා වෙන වෙනම පෝරම පුරවා ඉදිරිපත් කරන ලෙසත් එම සමීක්ෂණයට අදාල පෝරමය ඔන් ලයින් හරහා සම්පූර්ණ කිරීමේදී අවශ්‍ය වෙතොත් ඔබ ප්‍රදේශයේ කම්කරු කාර්යාලයේ හෝ කම්කරු නිලධාරියාගේ සහය ලබා ගන්නා ලෙසත් කම්කරු අමාත්‍යාංය ඉල්ලා සිටියි. නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් හා අමාත්‍යාංශ ලේකම් ඩී.එම් සරත් අභයගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම සමීක්ෂණය සිදුවෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya