අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COVID-19 වෛරසය ව්‍යාප්තිය- ජාතික අක්ෂි රෝහල හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණයක්

    අප්‍රේල් 30, 2020

    COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය වන තුරු ජාතික අක්ෂි රෝහල හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි.

    COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය වන තුරු ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා සදහා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව කොළඹ 

    ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එල්.එල්.යූ.සී කුමාරතිලක මහත්මිය සදහන් කරයි.

    ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය මේ පිළිබදව කරුණු දැක්වීමක් කර ඇති අතර එය පහත පරිදි වේ.

    ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල පිහිටා ඇත්තේ කොවිඩ් 19 වෛරසය අධි අවධානම් කලාපයක් තුලය. මෙම වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීම මෙම අවස්ථාවේ උපරිම තත්ත්වයෙන්  පැවැතිය යුතු හෙයින්ස මාජ දුරස්ථතාවය ආරක්ෂා කර ගනිම්න් රෝහලේ බාහිර රෝගී පරිශ්‍රය තුල රදවා තබා ගත හැකි වන්නේ පුද්ගලයින් 100 ක් පමණි. එම නිසා සාමාන්‍ය පරිදි සායන හා  බාහිර රෝගී සේවා පවත්වාගෙන යාම අපහසු වන අතර, කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය වන තුරු හදිසි අනතුරු සේවාව සහ හදිසි අක්ෂි ආබාධ සදහා රෝගී සේවා පමණක්  පවත්වාගෙන යාමට තීරණය කර ඇත. ජාතික අක්ෂි රෝහලේ පැය 24 පුරාම හදිසි ප්‍රතිකාර සේවාව ක්‍රියාත්මක වන අතර, අනෙකුත් ප්‍රධාන රෝහල්වල අක්ෂි ඒකකවල මෙම සේවාවන්  ක්‍රියාත්මක වේ. ඔබට අවශ්‍ය ඖෂධ ලබාගැනීම සහ සායන සදහා පැමිණීම පිළිබද තොරතුරු දැනගැනීම සදහා 0112693911 අමතන්න.

    එමෙන්ම ජනතාවට අක්ෂි රෝගය සම්බන්ධ වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා උපකාරක සේවා දුරකථන අංකයක් ලෙස 0113318678 දුරකථන අංකය හදුන්වා දී ඇති අතර, සාමාන්‍ය සායනික  සේවා සහ බාහිර රෝගී සේවාවන් ආරම්භ කළ පසු ඒ බව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට ද කටයුතු කරන බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එල්.එල්.යූ.සී කුමාරතිලක  මිය වැඩිදුරටත් සදහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya