මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ කොරෝනා වෙරසය පාලනයට චීන රජයෙන් රුපියල් මිලියන 211 කට අධික වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

    අප්‍රේල් 29, 2020

    කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩ වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් චීන රජය විසින් (27) දින රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේදී ප්‍රදානය කරන ලදි.

     

    චීන රජය විසින් මෙරට කොරෝනා වෛරසයට එරෙහි සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සදහා ලබාදුන් වෛද්‍ය උපකරණ අතර Novel Coronavirus (2019-ncoV)Nucleic Acid Diagnosic Kit (PCR-Fluorescence PProbing) 20016 ක් ද , Medical Protective Face Mask 10000 ක්ද , Surgical mask 100000 ක්ද, Disposable Coverall 10000 ක්ද, Medical Goggle 1000 ක්ද, Single -use Rubber Sugial Gloves 5000 ක්ද වේ.

    ඒමෙන්ම කොරෝනා මර්ධනය සදහා චීනය ගත් ක්‍රියාමාර්ග ඇතුලත් වාර්ථාවක් ද වැඩ බලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි.

    මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ චිනය යනු ලෝකයේ බලවත් රාජ්‍යයක් වන අතර අප රටට දීර්ඝ කාලීනව උදව් කරන සාම්ප්‍රදායික මිතුරෙක් බවය. අප රට කරදරයට පත් සෑම අවස්ථාවකදීම චීනය අපට උදව් කල බවත් දෙවෙනි වරට අද විශාල ලෙස ආධාර ලබා දුන් අතර තව සති දෙකකින් තවත් ආධාර තොගයක් අපට ලබා දීමට චීනය කටයුතු කරන බවය. අප වෙනුවෙන් ලබා දෙන පරිත්‍යාග වලට චීන රජයට අප විශේෂ ස්තූතියක් කරන බවත් පැවසීය.

    තවද BATA ආයතනය මගින් ශල්‍යාගාර සදහා භාවිතා කරන සපත්තු කුට්ටම් 1000 ක් ද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඒම ආයතයේ සමාගම් කලමනාකාර අධ්‍යක්ෂ ක්ලයිඩ් රොද්‍රිගෝ සහ මානව සම්පත් කලමනාකාර චමිලා දි සිල්වා යන අය විසින් ලබාදෙනු ලැබීය.ඒහි වටිනාකම රුපියල් ලක්ෂ 13 ක් වේ.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය,අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් සබරගමු පලාත්සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya