අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පී.සී ආර්. පරීක්ෂණ ඊයේ (27) දිනය වන විට 1,553 ක සංඛ්‍යවක් සිදු කළා- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    අප්‍රේල් 28, 2020

    පී.සී ආර්. පරීක්ෂණ ඊයේ (27) දිනය වන විට 1,553 ක සංඛ්‍යවක් සිදු කර තිබෙන බවත් මඩකළපුව ශික්ෂණ රෝහල මෙම පරීක්ෂණ සිදු කිරීම සඳහා විශාල දායකත්වය ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

     

    අද (28) දිනයේ COVID – 19 වෛරසය අසාදිත වූ පුද්ගලයින් 08 දෙනා ගෙන් පස් දෙනකු නිවාඩුවට ගොස් සිටි නාවික භටයින් වන අතර තිදෙනෙකු පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් පවතින පුද්ගලයින් වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (28) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

     

    නාවික කඳවුර තුළ හඳුනාගත් නාවික භටයින් 148 ක් සහ කඳවුරට පිටින් හඳුනාගත් පිරිස 45 ක් ලෙස හඳුනාගෙන ඇති අතර මෙම භටයින් සමීපව ඇසුරු කළ පුද්ගලයින් 13 ක් ද හඳුනාගෙන ඇති බවත් ඒ අනුව අද හඳුනාගත් පුද්ගලයින් 08 දෙනා හැර පුද්ගලයින් 206 දෙනකු වන බවත්, මෙම වැඩි පිරිස නාවික හමුදා කඳවුර තුළ දී හමු වී ඇති බවත් අනිල් ජාසිංහ මහතා කරුණු දක්වමින් කියා සිටියේය.

     

    ඒ අනුව ඊයේ (27) දිනය වන විට PCR පරීක්ෂණ 1,553 ක සංඛ්‍යවක් සිදු කර ඇති බවත් අනිල් ජාසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය. මඩකළපුව ශික්ෂණ රෝහල මෙම පරීක්ෂණ සිදු කිරීම සඳහා විශාල දායකත්වය ලබා දී ඇත.

    මෙරට රෝහල් තුළ COVID – 19 වෛරසය අසාදිත රෝගීන් 390 දෙනකු සිටින බවත්, අලුතින් හඳුනාගත් සංඛ්‍යාව 65 ක් බවත්, පසුගිය පැය 24 තුළ සම්පූර්ණ සුවය ලබා පුද්ගලයින් 08 දෙනකු නිවෙස් කරා පිටත් කර ඇති බවත් මෙහි දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සඳහන් කර සිටියේය.

    දැනට ප්‍රතිකාර ගනු ලබන මුළු වෛරස අසාදිත රෝගීන් සංඛ්‍යාව 447 ක් බවත්, IDH උණ රෝහල, වැලිකන්ද රෝහල, කොළඹ නැගෙනහිර මූලික රෝහල, ඉරණවිල රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල සහ වැලිසර නාවික රෝහල තුළ යානා දී වශයෙන් මෙම රෝගීන් 447 දෙනා ප්‍රතිකාර ගනු ලබන බවත් අනිල් ජාසිංහ මහතා අනාවරණය කර සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya