අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 866ක් දක්වා ඉහළට

    අප්‍රේල් 28, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 866 ඉක්මවයි.

     

    මිහින්තල රජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණුවැව ධම්මරතන හිමි රුපියල් මිලියනයක් අරමුදලට ප්‍රදානය කර තිබේ.

    කැළණි රජ මහා විහාරය රුපියල් මිලියනයක්, කතරගම කිරිවෙහෙර රජ මහා විහාරය රුපියල් මිලියනයක්, බම්බලපිටිය ශ්‍රී වජිරාරාම කාර්ය සාධක සමිතිය රුපියල් අනූ හයදහසක්, සණස සංවර්ධන බැංකුව රුපියල් මිලියන 05ක්, සි/ස සණස රක්ෂණ සමාගම රුපියල් මිලියනයක්, ඕස්ටේලියාවේ නිව් සවුත් වේල්සයේ පදිංචි ආදි ආනන්දියන් රුපියල් ලක්ෂ 05ක්, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය මිලියන 1.1 ක්, ඒ.ඩී.ආර්.සී. ලෙනාඩ් මහතා රුපියල් දෙලක්ෂ පනස්දහසක් , මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම රුපියල් හය ලක්ෂ හැට එක් දහසක් අරමුදලට පරිත්‍යාග කර ඇත.

    ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

    දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya