ජූනි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''තුරු මිතුරු නව රටක්'' රුක් රෝපණ ව්‍යාපෘතිය තෙවන අදියර ඇරඹේ

    මාර්තු 03, 2020

    ශ්‍රී ලංකා යුද හමුදාව රට රකින කාර්යය සිදු කරන අතරම පිරිසිදු වාතාශ්‍රය ලබා දෙමින් නිරෝගිමත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින් ''තුරු මිතුරු නව රටක් රුක් රෝපණ ව්‍යාපෘතිය''  ක්‍රියාත්මක කළ අතර එහි තෙවන අදියර යටතේ වැඩසටහන් රාශියක් අද (03) දිනයේදීද ආරම්භ කෙරිණි.

    යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක තුරු මිතුරු - නව රටක් ව්‍යාපෘතියට සමගාමීව කැලෑ වැදී අපවිත්‍රවී තිබූ නව යුධ හමුදා මූලස්ථානයට පිවිසෙන මාර්ගය දෙපස කිලෝ මීටර් 02ක ඇවිදින මං තීරුව සහ ව්‍යායායාම උපකරණ සහිත එළිමහන් අංගන තුනක් විවෘත කිරීම අද උදෑසන වැඩබලන ආරක්ෂාක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපතිවරයා අතින් සිදු විය.

    මෙහිදී අදහස් දැක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන සමයේ දී ද මෙවැනි වැඩපිළිවෙළවල් රාශියක් ක්‍රියාවට නැංවූ බවත් එම වැඩපිළිවෙළ තව දුරටත් ඉදිරියට ගෙන යමින් ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තුරුමිතුරු නව රටක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවත් පළමු අදියරේදී යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයට අයත් අක්කර 12ක පමණ අත්හැර දමා තිබූ පුරන් කුඹුරු අස්වැද්දීම සහ මාර්ගය දෙපස පැළ සිටුවීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ බවයි.

    මීට අමතරව යුධ හමුදා උපකරණ සහිත එළිමහන් අංගන 03ක් විවෘත කළ අතර සෑම පරිශ්‍රයකම ශාරීරික උපදේශයකින් යොදවා ඇති අතර ජනතාවට පැමිණ එම උපකරණ භාවිතා කළ හැක.

    මිරිදිය මත්සයින් 10,000ක් යුද්ධ හමුදාපතිවරයා විසින් අසළ වැවට මුදා හැරීම සිදු කළ අතර විශේෂ බලකා බෝට්ටු 02 මාර්ගයෙන් තවත් මත්සයින් 10,000 ක් වැවට මුදා හැරීම සිදු කෙරුණි. ප්‍රතිසංස්කරණය කරන ලද වැව තුළ ස්ථාපිත වතුර මල් විවෘත කිරීමද අද දිනයේ සිදු කෙරුණු අතර ප්‍රදේශ වාසින්ගේ සහයද ඇතිව වැව් ඉවුරේ පොල් පැළ 100ක් රෝපණය කරන ලදී.

    වැව වටා සහ ව්‍යායාම මංතීරුවල ව්‍යායාම සිදු කිරීමට සූදානම්කර ඇති ස්ථානයන්හි මහජනයාට අසුන්ගැනීම සඳහා කොන්ක්‍රීට් බංකු 24 ක්ද මෙම ව්‍යාපෘතිය යටතේ ස්ථානගත කර තිබුණි. එම භූමියේ ස්ථානගතකොට ඇති මිමී 130 සහ මිමී 122 කාලතුවක්කු අවි ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

    නව යුද්ධ හමුදා මූලස්ථානය අසළ නාම පුවරුව විවෘත කිරීම සහ යුද්ධ හමුදා මූලස්තානයට ඇතුලුවන ස්ථානයේ ස්ථානගතකොට ඇති ටී 55 සන්නද්ධ රථ දෙක ප්‍රදර්ශනය සඳහා නිරාවරණය කිරීමද අද සිදු විය.

     

    මෙම අවස්ථාවන්ට යුධ හමුදා උසස් නිලධාරින් රැසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya