සැප්තැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ සිට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය

    ජූනි 25, 2024

    2025 වර්ෂයේ සිට වාහන ආනයනය පිළිබඳ දැනට පවතින සීමා ලිහිල් කිරීමට මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව කැබ්නට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    වාහන ආනයනය පිළිබඳ සීමා ලිහිල් කිරීමත්, ආනයනය ලිහිල් කිරීමත් සිදුකරන්නේ ඉතා විහාල ලෙස සූක්ෂම අධ්‍යයනයන්ගෙන් පසුව බවද, දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති විස්තීරණ ණය ගිවිසුම යටතේ රට හුස්ම ගැනීම සිදුකරන බවද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.

    එම ගිවිසුම ප්‍රකාරව කොන්දේසි සහ ඉෂ්ට කළ යුතු පූර්ව අවශ්‍යතා පවතින බවද 2025 වසරේ දළ විදේශ විනිම සංචිත රුපියල් බිලියන 08 දක්වා වැඩි කිරීමටද, 2026 වසරේ බිලියන 10 දක්වාද, 2027 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 14 දක්වා වැඩිකිරීමට අවශ්‍ය බවද ඔහු පැවසුවේය.

    එම විදේශ සංචිත ඛාදනය වන ආකාරයට ලිහිල් කිරීමක් කළ නොහැකි බවද, එමනිසා ජනාධිපතිතුමා මුදල් අමාත්‍යංශය යටතේ ඒ පිළිබඳ අදාල පාර්ශවයන්ගේ අදහස් යෝජනා විමසා ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කර ඇතැයිද සඳහන් කළේය.

    දැනට කිසිදු තීරණයක් ගෙන නොමැති අතර ඒ අනූව ලිහිල්කරණය කරන බව සඳහන් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya