ජූනි 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ඉතිහාසයේ කාන්තාව සවිබල ගැන්වීමට පනතක් ගෙන ආවේ වත්මන් ජනාධිපතිතුමා – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

    ජූනි 25, 2024

    ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට සම්මත වී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේය.

    කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද පැවසීය,

    කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන වෙනුවෙන් සම්බන්ධයෙන් මීට පෙර පනතක් ගෙනවිත් නොමැති බව පැවසිය යුතුයි. මෙම පනත මඟින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද මෙන්ම කාන්තාවන්ගේ අභිවෘද්ධිය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සිදුවනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව මෙම පනත ඉදිරිපත් කෙරුණා. පනත සකස් කිරීමේ දී සංශෝධනයන් රැසක් සිදුවුණා. පාර්ලිමේන්තු කාන්තා සංසදය ඊට යෝජනා සහ අදහස් ඉදිරිපත් කළා. ඒ අනුව අත්‍යවශ්‍ය වැදගත් කාරණා රැසක්ම පනතට ඇතුළත් කිරිමට හැකියාව ලැබුණා.

    ඒ වගේම කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම මෙන්ම එහි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට අවස්ථාව මෙමඟින් හිමි වෙනවා. එබැවින් මෙම පනත මඟින් කාන්තාව ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා.

    කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීම පිළිබඳ සම්මුතියට අනුව කාන්තාවන්ට අදාළව රජය විසින් භාර ගෙන ඇති බැඳීම් බලාත්මක කිරීමට යාන්ත්‍රණ හඳුන්වාදීම සිදු වනවා. ස්ත්‍රී පුරුෂභාවය හා ලිංගික දිශානතිය මත පදනම්ව යමෙකුට සිදුවන වෙනස් කොට සැළකීම් වලින් ආරක්ෂාව සැළසීම මෙන්ම ඒ මත පදනම්ව හිංසනයට ලක්වීම වැළැක්වීමට මෙමඟින් ද ප්‍රතිපාදන සැළසෙන බව සඳහන් කළ යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya