සැප්තැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය අවධාරණය කෙරේ - ඇමැති ෂෙහාන් සේමසිංහ

    ජූනි 26, 2024

    ඔස්ට්‍රියාවේ වියානා හි පැවැති ඹ්පෙක් අරමුදල් සංවර්ධන සංසදයේදී, පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් තුළින් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාමාජික රටවල් දැනුම්වත් කළ බව මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 

    තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන ආර්ථික වර්ධනය ඇති කිරීම සහ ආයතනික ධාරිතාව ප්‍රතිෂ්ඨාපනය කිරීම අරමුණු කරගත් ආයතනික සහ නීතිමය ප්‍රතිසංස්කරණ මෙම වැඩසටහනට ඇතුළත් බව අමාත්‍යවරයා එහි දී සඳහන් කළේය.

    2023 වසරේ දී හදුන්වා දුන් දූෂණ විරෝධී පනත බලාත්මක කිරීම මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) ශක්තිමත් කිරීම මෙම ප්‍රයත්නයේ වැදගත් පියවරක් බව අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේය.

    මෙමගින් පොදු සුබසාධනය සහතික කිරීම සඳහා අල්ලස හා දූෂණය තුරන් කිරීම රජය අරමුණ අතර අර්බුදයෙන් පසුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා රජයේ ශක්තිමත් සහ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් නව දූෂණ විරෝධී නීතිය දූෂණ අවදානම් විසඳීම සඳහා වඩාත් ශක්තිමත් නීතිමය රාමුවක් සපයන බව සේමසිංහ මහතා පැවසුවේය.  

    රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය අංශ ශක්තිමත් කිරීම සෑම පුරවැසියෙකුගේම කැපකිරීම් සහ උත්සාහයන් තුළින් අත්කර ගත් ප්‍රගතිය බවට අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    මේ අතර ඹ්පෙක් අරමුදල් සංවර්ධන සංසදය අතරතුර, අරාබි ආර්ථික සංවර්ධන සඳහා කුවේට් අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වලිඩ් අල්බහාර් සහ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී අබ්දුල් රහ්මාන් අල්-මර්ෂාඩ් යන මහත්වරුන් මුණ ගැසීමට ද අමාත්‍ය සේමසිංහ මහතා පියවර ගත්තේ ය.

    එහි දී මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආර්ථික සහය සහ නව සංවර්ධන මුලපිරීම් කෙරෙහි අවධානය යොමුකර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya