සැප්තැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ජනතාවට ජයග්‍රහණයේ සුබ ආරංචිය හෙට ලබා දෙනවා - අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා

    ජූනි 25, 2024

    ද්වී පාර්ශවික ණය හිමියන් සමග  ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවත්  ඒ අනුව හෙට(26) දිනයේ  අදාළ ගිවිසුම් වලට අත්සන් තැබීම සිදු වන බව  කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    අත්සන් තබන ලබන සෑම ගිවිසුමක් හා එම ක්‍රවේදයන් සම්පූර්ණ විස්තරයක් ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත්  හෙට දිනයේ ජනාධිපතිවරයා විසින් ජාතිය අමාතා ජයග්‍රහණයේ සුබ ආරංචිය රටේ ජනතාවට ලබා දෙනු ඇතයිද පැවසීය.

    ශ්‍රී ලංකාවට අන්තරජාතික සහයෝගිතාවය නොමැති නම් හෝ රටක් විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන්නේ නම් කවුරුන් කවරාකාරයෙන් හෝ සති 02 ක් වත් ආණ්ඩුකරණය කල නොහැකි බව ද හෙතෙම පැවසීය.

    එමෙන්ම, ලෝක ප්‍රජාවගේ විස්වාසනියත්වයක් නොමැති ව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක අරමුදල මෙන්ම රටවල් හා ගනුදෙනු කරන ක්‍රම පිළිබඳව බොරු කළ නොහැකි බවත් එලෙස ලෝක ප්‍රජාවට බොරු කරන රටකට කිසිඳු පැවැත්මක් නොමැති බවත් හෙතෙම සදහන් කරන ලදී.

    එලෙස බොරු කරමින් භාණ්ඩ අපනයනය හා ආනයනය මඟින් ගෙවුම් තුලනය ගනුදෙනු පියවීම කළ නොහැකි වුවහොත් දේශපාලන කතා කුමක් කිවත් මෙරට අන්තර්ජාතික ගෙවීම් පියවීමට නොහැකි වන බව ද හෙතෙම පවසයි.

    එමනිසා වගකිව යුතු රජයක රාජ්‍ය නායකක් වශයෙන් ඉතාම අසීරු අවස්ථාවක සමස්ත ජාතිය වෙනුවෙන් තීරණාත්මක ලෙස කරුණු ප්‍රකාශ කිරීමක් පාර්ලිමේන්තුවට කළ යුතු වනවා මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ මුදල් පිලිබඳ පූර්ණ බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට බවත්, ඒ  පිලිබඳ රටේ ජනතාවට සියලු තොරතුරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විනිවිද භාවයකින් යුතු ව හෙට (26) ප්‍රකාශ කරනු ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    "විශේෂයෙන් රටේ බංකොලොත් භාවය ප්‍රකාශයටපත් කළ පසු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවට ආධාර සැපයූ මිත්‍ර රටවල රාජ්‍ය නායකත්වයන් සමග විශේෂයෙන් ඉන්දියාව, එවගේම ජපානයේ රාජ්‍ය නායකත්වයන්, චීනය. චීන රාජ්‍ය නායකත්වය පැරිස් ආධාර කණ්ඩායම් ලෝක ප්‍රජාව සමග විශාල සාකච්ඡා ප්‍රමාණයක් පවත්වලා දේශීය සහ අන්තර් ජාතික විශේෂඥ විද්වතුන් රැසකගේ අධාරය සහයෝගීතවය හා මඟපෙන්වීම යටතේ සාකච්ඡාවල අවසන් අවස්ථාවලට මුදල් අමාත්‍යාංශයට, ශ්‍රී ලංකා මහ බැංකුවට සහ අනෙකුත් පිරිස්වලට හැකියාව ලැබිලා ඒ සමග ඇතිකර ගැනීමට අපේක්ෂා කරන ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුම පිළිබඳ දිර්ඝ පැහැදිලි කිරීම ජනාධිපතිවරයා විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. 

    එහිදී ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඒ සඳහා අදාළ ගිවිසුම් හෙට දිනයේදී අත්සන් තැබීම සඳහා පැරිස ඒකබද්ධ ආධාර කණ්ඩායම්වල හමුවීම් සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, භාණ්ඩාගරයේ ප්‍රධානීන් සහ අපේ රාජ්‍ය අමාත්‍යවරුන්ද ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් එරටට පිටත් කර යවා තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් එකි ගිවිසුම්වලට අත්සන් තැබීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදුන්නා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya