ඒ මහතා ප්‍රකාශ කළේ මෙම තත්ත්වය තරයේ හෙළා දකින බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මේ සම්බන්ධයෙන් දරුවන් හා දෙමාපියන් අවධානයෙන් සිටින ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.
සමහර නිලධාරීන් තම තනතුරු භාවිත කරමින් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්තා වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශපාලන පලිගැනීම්වලට ලක්වූවට සහන ලබාදීම අසාධාරණ බව සඳහන් කරමින් මෙම වැඩවර්ජනය දියත් කිරීමට වෘත්තීය සමිති කටයුතු කර තිබෙන අතර එහිදී අසාධාරණ ලෙස පත්වීම් ලබාදී තිබෙන්නේ නම් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.
කිසිදු බාධාවකින් තොරව විභාග පැවැත්වීමට කටයුතු කරන බවත සඳහන් කළ අමාත්‍යවරයා දේශාපලන අරමුණු වෙනුවෙන් දරුවන් සම්බන්ධ කර නොගතයුතු බව ද අවධාරණය කළේය.