නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු නිර්දේශයන් විද්‍යාත්මක සාධක මතයි - විශේෂඥ වෛද්‍ය හිරන්‍යා ජයවික්‍රම

    ජූලි 24, 2018
    සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු නිර්දේශයන් සිදු කරනු ලබන්නේ විද්‍යාත්මක සාධක මත පදනම් ව සිට බවත් මව්කිරි සඳහා ආදේශකයක් ලෙස පිටිකිරි ලබාදීම නිර්දේශ නොකරන්නේ එම ද්‍රව්‍යයන් සඳහා විද්‍යාත්මක පදනමක් නොමැති නිසා බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිරන්‍යා ජයවික්‍රම මහත්මිය සඳහන් කළාය.
     
    වෛද්‍යවරිය මේ බව සඳහන් කළේ අද (24) ජාතික මව්කිරිදීමේ සතිය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
     
    ලෝකය පුරා මිලියන 815ක පමණ දරුවන් ප්‍රමාණයක් ආහාර සුරක්ෂිතතාවය නොමැතිකම හේතුවෙන් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් මව්කිරි දීම දරුවාගේ ආහාර සුරක්ෂිතභාවයට ඉවහල්වන අතර ම තිරසර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම සඳහා ඉවහල් වන බවත් වෛද්‍යවරිය පෙන්වාදෙයි.
     
    එමෙන් ම පිටිකිරි නිෂ්පාදන කර්මාන්තකරුවන් 2019 වසරේ දී ඩොලර් බිලියන 70.6ක වෙළෙඳ ලාභයක් උපයාගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත් පෙන්වාදෙන විශේෂඥ වෛද්‍යවරිය සෙසු රටවල් හා සැසඳීමේ දී ශ්‍රී ලංකාව තුළ මන්දපෝෂණය දැකිය හැකි නමුත් එය ළමා මරණයන්ට මෙන් රෝග තත්ත්වයන්ට මුහුණදෙන තත්ත්වයන් දක්වා වර්ධනයක් පෙන්නුම් නොකරන බවත් කී විශේෂඥ වෛද්‍යවරිය සංවර්ධනය වෙමින් පවතින රටවල ළදරු මරණ 21%කින් අඩුවීම සඳහා මව්කිරි ලබාදීම බලපා ඇතැයි ද පෙන්වාදුන්නාය.
     
    මව්කිරි ජීවි සෛල සහිත දරුවාගෙන් දරුවාට අවශ්‍ය පරිදි මෙන් ම පරිසර සාධකයන්ට අනුව එහි පවතින සංඝටකයන් වෙනස්වීමට භාජනය වන අතර ම වෙනත් සත්ව විශේෂයකට අයත් දියර කිරි ප්‍රයෝජනයට ගනිමින් විවිධ සංඝටකයන් කෘතිම ආකාරයෙන් එක්කරමින් නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි හරහා මව්කිරට සමානත්වය බලාපොරොත්තු විය නොහැකි බවත් වැඩිදුරටත් සඳහන් කළාය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya