ධිවර ජනතාවගේ නිවාස ගැටළුවට විසදුම් ලබාදීම සදහා මෙන්ම ඔවුන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සදහා ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ මැදිහත්වීම යටතේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකය.
කොටස් කිහිපයක් යටතේ නිවාස සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ආධාර ප්රදානය කෙරේ.
ඒ අනුව හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පල්ලෙමලල , සිරිබෝපුර , මිරිජ්ජවිල , ගොඩවාය , හම්බන්තොට බටහිර , සිසිලස ගම සහ කොහොලන්ගල යන ප්‍රදේශවල ධිවර නිවාස ඉදිකිරිම සදහා 64 දෙනෙකුට මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතින් චෙක්පත් ප්රදානය කෙරිණ. මේ යටතේ නිවාස ඉදිකිරිම සදහා බෙදාදුන් මුදල රුපියල් ලක්ෂ 32 කි.
ඊට අමතරව තවත් 13 දෙනෙකු සදහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල යටතේ ආධාර ප්රදානය කෙරින . එලෙස සනීපාරක්ෂක ආධාර හිමි වූ සංඛ්‍යාව 13 දෙනෙකි .
මෙහිදී අදහස් දැක් වූ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා. “ අපේ ධීවරයා ආර්ථිකය අතින් ශක්තිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා . ධිවර පවුල් වල කාන්තාවන්ට තමන් කැමති ස්වයං රැකියාවක නිරත වෙලා අමතර ආදායමක් උපයාගන්න පුළුවන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනවා . ඒ යටතේ ඒ කාන්තාවන්ට අවශ්‍ය පුහුණුව , දැනුම වගේම ඔවුන්ගේ නිෂ්පාදන සදහා වෙළද පල සොයාදීම , ඒ නිෂ්පාදන සදහා සාදාරන වටිනාකමක් ලබාදීමට වගේම තමන් නිරත ස්වයං රැකියාව හෝ කර්මාන්තය තව තවත් වර්ධනය කරගන්න අපි සියළු ආධාර උපකාර කරන්න සුදානම් . ඒ විතරක් නෙමෙයි අපේ ධිවර ජනතාවගේ දැනුම , අවබෝධය , දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පවා අපි විශේෂ අවදානය යොමුකර කටයුතු කරන බව මේ අවස්ථාවේ කියන්න ඕනේ . ”
“ ධිවර ජනතාවගේ ජිවන තත්වය නගාසිටුවීම සදහා මෙවැනි කටයුතු කරනවා . ඒ විතරක් නෙමෙයි ධිවර ජනතාවට තවමත් තියෙන සනීපාරක්ෂක ගැටළුව විසදීම සදහා රජයක් ලෙස අපි වැඩි අවදානයක් යොමුකරලා තියෙනවා . මමත් ධිවර පවුලකින් පැවත එන අදටත් ධිවර කර්මාන්තයේ නිරත වන අයෙක් විදිහට අපේ ධීවරයා මුහුණදෙන ගැටළු පිළිබද මට හොද අවබෝධයක් තියෙනවා . ඒ නිසා මම ඔබ සියළු දෙනාට කියන්න ඕනේ හිටපු පාලකයින් වගේ අපි වගකීම් විරහිත සිනි බෝල පොරොන්දු දෙන්නේ නැහැ කියන එක . අපි යමක් කියන්නේ කරන්න පුලුවන්නම් විතරයි . බැරි දේවල් කියලා ජනතාව සතුටු කරලා ජනතාව ඒවා ඉල්ලනකොට ගහල පන්නන පාලනයක් අපේ යහපාලන රජයේ නැහැ . ”
“ අද මොනතරම් නිදහසක් තියෙනවාද . ඕනෑම අයෙකුට තමන් දරන අදහස කියන්න පුළුවන් නිදහසක් අද අපි උදාකරලා දීලා තියෙනවා . ඒ නිදහස සමහරු වැරදි විදිහට පාවිච්චි කරනවා . බලන්න මාධ්‍යට අපි මොනතරම් නිදහසක් දීලා තියෙනවද කියලා . හැබැයි පහුගිය පාලන කාලයේ මේ කිසිම නිදහසක් තිබුනද මොහොතක් සිතන්න . එදා භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් පාරට බැහැපු ධිවර ජනතාවට හිටපු පාලකයින් කොහොමද සැලකුවේ . ඒ භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් පාරට බැහැපු හලාවත ඇන්තනි සහෝදරයට සිද්ධ වුනේ වෙඩි උණ්ඩයට ජීවිතය පුජා කිරීමට . නමුත් අපේ රජය යටතේ ඉන්ධන මිල ඉහල ගිය අවස්ථාවේදීත් ධිවර ජනතාව පාරට බැස්සා , විරෝධතාවය පල කළා . නමුත් අපි ධිවරයාගේ ලේ හොල්ලන්න ගියේ නැහැ . ධිවරයාගේ ඉල්ලීම් වල සාදාරණත්වය තේරුම් ගෙන අවශ්‍ය සහනය ලබාදීමට කටයුතු කළා . අපේ රජය කටයුතු කරන්නේ ඒ ආකාරයට . මොකද අපි ජනතාවාදී රජයක් . අපි බලයට පත්වුණේ ජනතාව වෙනුවෙන් සේවය කරන්න . ඒ සේවය අපි කරමින් ඉන්නවා . රජයෙන් ක්‍රියාත්මක කරන ඒ සංවර්ධන වැඩපිළිවෙල කඩිනම් කිරීමට කටයුතු කරන්න අවශ්‍ය සියළු පියවර අරගෙනයි තියෙන්නේ .”
“ ඒ නිසා අපේ ධීවරයා යැපුම් මානසිකත්වයෙන් එහෙම නැත්නම් රජයෙන් සහනයක් බලාගෙන ඇගිලි ගනිමින් සිටි යුගයට නැවතීමේ තිත තියන්න කටයුතු ආරම්භ කරලා තියෙන්නේ . මගේ අරමුණ අපේ රටේ අනෙකුත් ජනතාව වගේම ධිවරයත් ව්‍යවසායකයකු බවට පත් කිරීමයි . රටට ආර්ථිකය රැගෙන එන , රටට අත්‍යවශ්‍ය මිනිසෙකු බවට ධීවරයා පත් කිරීමට අවශ්‍ය වැඩසටහන් ගණනාවක් මගේ මැදිහත් වීමෙන් දියත් කරලා තියෙන්නේ . මම ධිවර කර්මාන්තයට හදුන්වලා දුන් නිල් ආර්ථික වැඩපිළිවෙල යටතේ මේ කටයුතු සිදු වෙමින් තියෙනවා . මේ අනුව මම විශ්වාස කරනවා නුදුරු අනාගතයේදීම අපේ සහෝදර ධිවර ජනතාවට අපි අපේක්ෂා කරන ආර්ථික සමෘද්ධිය උදාකරදීමට හැකි වෙයි කියලා .”