නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වලල්ලාවිට සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි සඳහා මුල්ගල තැබීම අදයි

    ජූලි 13, 2018

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත කළුතර පරිපාලන දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දින සිදු කිරිමට නියමිතය.

    ජනාධිපති මෙමත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්විමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට වත්මන් රජය පියවර රාශියක් ගෙන ඇති අතර ඒ අනුව වලල්ලාවිට සහ මදුරාවල ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 2,000 කි.

    මෙම ගොඩනැගිලිවල විශේෂත්වයක් වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකිරීමයි. එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මේ සෑම ගොඩනැගිල්ලක ම ඉදිකිරිමට අපේක්ෂිත අතර ගොඩනැගිලි සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදෙයි.

    මෙයට සමගාමීව මදුරාවල නිල සෙවණ කාර්යාලය ද ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් එදින සිදු කෙරේ. මෙම එක් නිල සෙවණ කාර්යාලයක් සඳහා රජය වෙන් කරන ලද මුදල රුපියල් ලක්ෂ 20 කි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත 2020 අවසානය වනවිට 'නිල සෙවණ'' කාර්යාල 14,000 ක් ඉදිකිරීමට නියමිත ඇති අතර ඒ මගින්
    කාර්යක්ෂම, විශ්වසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙන යාම සඳහා අවස්ථාවක් ලැබෙනු ඇත.

    මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමතිවරු සහභාගිවිමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya