අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනගහන වර්ධනය හේතුවෙන් ගැටලු ඇතිවනවා - විශේෂඥ වෛද්‍ය ගීතාංජලී මාපිටිගම

    ජූලි 12, 2018
    ජනගහන වර්ධනය හේතුවෙන් පාරිසරික, සෞඛ්‍ය වැනි ගැටලු රැසකට මුහුණ දීමට සිදු වන බවත් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ වෙනත් රටවල්වලද සීඝ්‍ර ජනගහන වර්ධනයක් සිදු වෙමින් පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ගීතාංජලී මාපිටිගම මහත්මිය පැවසුවාය.
     
    ඒ මහත්මිය මේ බව පැවසුවේ අද (11) පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පැවැති මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
     
    ජනගහන වර්ධනය හේතුවෙන් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් නිරන්තර කතාබහ කළ ද එම ගැටලු ඇතිවීමේ ප්‍රධාන හේතුව සම්බන්ධයෙන් කතා නොකිරීම ප්‍රශ්නයක් බවත් පෙන්වාදෙන ඒ මහත්මිය පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීම ජනගහන පාලන ක්‍රමයක් නොවන බවත් ඉන් සිදුවන කාර්යය ඊට එහා දිවයන්නක් බවත් පෙන්වාදෙන්නීය.
     
    ජනතාව අතර පවතින දුර්මත හා මිත්‍යාමත හේතුවෙන් පවුල් සැලසුම් ක්‍රමයන් ජනතාව අතරට නොයන බවත් එබැවින් මෙම දුර්මතයන් සමාජයෙන් බැහැර කළ යුතු බවත් කී මාපිටිගම මහත්මිය තම පවුල සංවිධානය කිරීම පවුලකට අත්‍යාවශ්‍ය දෙයක් යැයි ද පෙන්වා දුනි.
     
    ජනගහන පාලනය කළ යුතුද නැද්ද යන්න සංකල්පය සියලු රටවල් සතුව පවතින මතයක් බවත් පවුල් සැලසුම් ක්‍රම යන්නෙන් ජනගහන පාලනයක් සිදු කිරීම ගම්‍ය නොවන බවත් පෙන්වාදෙන කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා ශ්‍රී ලංකාවේ වසරකට 3,30,000ක් පමණ දරු උපත් සිදුවන බවත් පසුගිය වසර 05ක කාලය තුළ එම ප්‍රමාණය 10,000කින් පමණ අඩුවී ඇතැයි ද පෙන්වාදෙන අතර ම ඊට හේතුවන්නේ වසරකට දරු උපතක් සඳහා රෝහල්ගත වන මව්වරුන්ගෙන් 30ක පමණ පිරිසකගේ ජීවත අහිමි වීම බවත් පෙන්වා දෙයි.
     
    දකුණු ආසියානු කලාපය ගත් කළ ශ්‍රී ලංකාව මාතෘ මරණ අතරින් ඉතා පහළ දර්ශකයක් පෙන්වමින් සෞඛ්‍ය අතින් ඉහළ ස්ථානයක පසුවන බවත් ශ්‍රී ලංකාවේ ගබ්සා සඳහා යොමුවන්නේ බොහෝ විට තරුණ පිරිස් නොව අවුරුදු 35 - 50 අතර විවාහක පිරිස් බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya