අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාජ ලේබල් අලවා විකිණීමට ඉදිරිපත් කළ පොලිතින් නිෂ්පාදන අත්අඩංගුවට

    ජූලි 12, 2018

    නිසි බලපත්‍රයක් නොගෙන ව්‍යාජ තොරතුරු සහිත ලේබල් අලවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඇසුරුම් 500 මලු 18 ක් වටලා අත් අඩංගුවට ගැනීමට පාරිබෝගික කටයුතු අධිකාරිය සමත් වී තිබේ.

    සුරක්ෂිත ආර්ථිකයක් උදෙසා මූලික අඩිතාලම වැටෙනුයේ තෘප්තිමත්පා රිභෝගිකයන් පිරිසක් හා යහපත් වෙළඳ ප්‍රජාවක් රට තුල ස්ථාපිත වීම මඟින්ය. නමුත් ව්‍යාපාරික ප්‍රජාවගෙන් අතලොස්සක් මෙකී යහපත් ප්‍රතිපත්තිවලින් බැහැරව ලාභ පරමාර්ථය පමණක්

    අරමුණුකොට ව්‍යාපාරික කටයුතුවල නිරත වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කල වැටලීමකදී මෙවැනි ආයතනයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි විය.

    පානදුර මිනුවන්පිටිය පාර, වලාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය පොලිතින් නිෂ්පාදන ආයතනයක්, නිසි පරිසර බලපත්‍රයක් පවා ලබා නොගෙන තම නිෂ්පාදන කටයුතු සිදුකර ඇත.එසේම මෙම පොලිතින් බහාලුම්වල ලේබලයේ අඩංගු සියලු විස්තර ව්‍යාජ ඒවා බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya