මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ මිලියන 6ක් ෆේස්බුක් භාවිත කරනවා - නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන

    ඔක්තෝබර් 16, 2017

    ශ්‍රී ලංකාවේ මිලියන 6 ක ජනතාවක් ෆේස්බුක් සමාජ මාධ්‍යය භාවිතා කරන බවත් ඔවුන් වෙත රජයේ සංවර්ධන තොරතුරු ගෙන යාම සඳහා සමාජ මාධ්‍ය යොදා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ, සමාජ මාධ්‍ය අංශයක් ආරම්භ කළ යුතුව ඇතැයි ද ඒ මහතා  අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති වැඩමුළුවකදී ප්‍රකාශ කළේය.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් සමාජ මාධ්‍ය උපයෝගිකරගෙන තමාට මාස 3ක් වැනි කෙටි කාලයකදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශාල වෙනසක් සිදු කිරීමට හැකි වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ගුවන් විදුලියේ අසන්නන්ගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව කීය.

     

    රජයේ ආයතන සඳහා සමාජ මාධ්‍ය යොදා ගැනීම පිළිබඳව පැවැති මෙම වැඩමුළුවේ දී හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය, මහාචාර්ය රොහාන් සමරජීව, සංජන හත්තොටුව සහ ෆේස්බුක් සමාගමේ විධායක නිටින් සලුජා යන මහත්වරු ද අදහස් දැක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya