අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහන යටතේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වැඩසටහන් රැසක්

    ජූලි 03, 2019

    මොනරාගල දිස්ත්‍රික්කයේ මේ වන විට ක්‍රියාත්මක වන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන යටතේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වැඩසටහන් රැසක්  (02)  දින ක්‍රියාත්මක විය.


    විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදාතා සම්පත් මධ්‍යස්ථානය හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ඒකාබද්ධව සංවිධානය කරන ලද රටකජු ආශ්‍රිත ආහාර නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහන  (02) දින වැල්ලවාය හඳපානාගල කජු
    සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.

    මෙහිදී නවීන තාක්ෂණය ගමට ගෙන යාමේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වැඩපිළිවෙල අනුව විදාතා සම්පත් මධ්‍යස්ථානයේ සම්පත්දායකයින් විසින් රටකජු නිෂ්පාදනයේ විවිධ අදියර සඳහා භාවිතයට ගැනෙන බහුකාර්ය යන්ත්‍රය භාවිතයෙන් කටයුතු කිරීම සම්බන්ධව ප්‍රදේශයේ ගෙවිළියන් දැනුවත් කරන ලදී. මේ සඳහා වෙල්ලස්ස බලකාය නම් වන කාන්තා සංවිධානයේ සාමාජිකාන් 50 කට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ දායකත්වය ඇතිව මෙහෙයවන ලද මෙම වැඩසටහන මගින් රටකජු ආශ්‍රිත රසකැවිලි ඇතුලු විවිධ නිෂ්පාදන මගින් ස්වයංරැකියා උත්පාදනය කරගැනීමේ හැකියාව පිළිබඳව සහභාගි වූ පිරිස දැනුවත් කරන ලදී.


    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ජනපතිට කියන්න මහජන ගැටලු විසඳීමේ වැඩසටහන මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වේ. මෙහිදී මෙතෙක් නොවිසඳුනු සිය ගැටලු අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කර කඩිනම් විසඳුම් ලබා ගැනීම සඳහා මහජනතාවට අවස්ථාව සැලසීම සිදු කෙරේ. ජන ජීවිතය කෙරෙහි වඩාත්ම බලපාන ඉඩම් හා නිවාස ප්‍රශ්න මෙන්ම වෘත්තීය ගැටලු, විශ්‍රාම වැටුප්, අර්ථ සාධක වැනි විවිධ විෂයන්ට අදාළ ගැටලු මෙම ජංගම සේවාවන්ට යොමු කළ හැකිය. අද දින (02) වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙනුවෙන් වන ජනපතිට කියන්න වැඩසටහන පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.