මා වෙනුවෙන් යාච්ඥා කරන්න - අතිඋතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේගෙන් ඉල්ලීමක්

මා වෙනුවෙන් යාච්ඥා කරන්න - අතිඋතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේගෙන් ඉල්ලීමක්
  • SocialShare:

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමන් වෙනුවෙන් යාඥා කරන ලෙස ලොව පුරා සියලු කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

සිය නිල එක්ස් ගිණුමෙහි පණිවිඩයක් තබමින්  උන්වහන්සේ මෙලෙස ඉල්ලීමක් කර තිබේ.

“ මෑත දිනවල මට බොහෝ සෙනෙහස පිළීබඳව පණිවිඩ ලැබී ඇති අතර දරුවන්ගෙන් ලැබුණු ලිපි සහ චිත්‍රවලින් මම විශේෂයෙන් කම්පනයට පත් වී සිටිමි.මෙම සමීපතාවයට සහ ලොාව පුරා සිට මට ලැබුණු සැනසිලිදායක යාච්ඥාවලට ස්තුතියි “ යනුවෙන් උන්වහන්සේ එහි සඳහන් කොට ඇත.

එසේම උන්වහන්සේගේ සෞඛ්‍ය තත්වය තරමක් බරබතල බව වතිකානය නිවේදනය කර තිබේ.

88 හැවිරිදි වියෙහි  පසුවන පාප්වහන්සේ, ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්වයක් හේතුවෙන් පසුගිය 14 වැනිදා රෝහල් ගත කර ඇත.  

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.