අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බක් මහ උළෙල උත්කර්ෂවත්ව

    අප්‍රේල් 30, 2014

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බක් මහ උළෙල ඊයේ (29) නුවරඑළිය රජයේ විශ්‍රාමිකයන්ගේ ක්‍රීඩා සංගම් ශාලා පරිශ්‍රයේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.


    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ වූ අතර රබන් වැයීම, ජන ගායනා සහ කොට්ටා පොර ආදී ජන ක්‍රීඩා 20කට අධික තරග පැවැත්විණි. වසර දෙකකට පසුව සංවිධානය කෙරුණු මෙම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බක් මහ උළෙල සඳහා ගුවන් හමුදා නිලධාරීන් රැසක් විනිශ්චය කටයුතු කරමින් අදාළ සහයෝගය ලබා දීම කැපී පෙනේ.
    බක් මහ උළෙලට සමගාමීව පැවැත්වුණු මිශ්‍ර වොලිබෝල් තරගාවලියේ ජයග්‍රහණය ගිණුම් අංශය විසින් හිමි කරගනු ලැබූ අතර 2014 වසරේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බක් මහ උළෙලෙහි අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවේ කම්කරු අංශයේ සේවයේ නියුතු තිලානි ප්‍රේමතිලක මෙනවියයි. අවුරුදු කුමරා ලෙසින් දිස්ත්‍රික් ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු මලිත් ජයසිංහ තේරී පත්විය.
    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රීඩා අංශය විසින් සියලු නිලධාරීන්ගේ විනෝදය සහ සුහදතාව වැඩි දියුණු කිරීම සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙල අවසානයේ පැදුරු සාජ්ජයක් ද, සංවිධානය කොට තිබිණි.
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සියලු රජයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, දූ දරුවන් ඇතුළුව 400කට ආසන්න පිරිසක් බක් මහ උළෙල සඳහා සහභාගී වී සිටියහ.NE new year 2014 2

    NE new year 2014 3

    MAP/MS_dmu_nuwaraeliya

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya