අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික උරුමයන් පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලංකාවේ

    අප්‍රේල් 29, 2014

    ජාතික උරුමයන් පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලංකාවේ පිහිටුවීම කෙරෙහි කටයුතු යොදා ඇති බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (28) පස්වරුවේ ඉන්දියානු සමුද්‍රාසන්න රටවල  කලාපීය සහයෝගීතා සංගමයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දෙදින වැඩමුළුව පිළිබඳ කොළඹදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමිනි.

    මෙම සමුළුව ලබන මස 5-6 දක්වා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා රටවල් 20ක පමණ නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවත්, එහිදී ඒඒ රටවල පවත්නා ජාතික උරුමයන් පිළිබඳ කතිකාවතක් සිදුකිරීමට නියමිත බවත්, අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    "කලාපීය මෙන්ම සාමාජික රාජ්‍යයන්හි  තිරසාර තුළින් සංවර්ධනය  සහ ප‍්‍රවර්ධනය කිරීම "යන අරමුණින් ඉන්දියානු සමුද්‍රාසන්න රටවල  කලාපීය සහයෝගීතා සංගමය පිහිටුවා ඇත. මෙය ඉන්දියන් සමුද්‍ර තීරය ආශ‍්‍රිත  රටවල්  20 කින් සැදුම්ලත් ජාත්‍යන්තර සංවිධානයකි.  1995 මාර්තු මාසයේදී මුරුසියේදී ස්ථාපිත කළ අතර, 1997 මාර්තු මස ඉන්දියානු සමුද්‍ර තීරුව ආශ‍්‍රිත රටවල කලාපීය සහයෝගිතා ප‍්‍රඥප්තිය බහුපාර්ශවීය සංවිධානවල එකඟතාවයෙන් සකස් කරන ලදි. සියලු ම සාමාජිකරටවල හමුවක් දෙවසරකට වරක් පැවැත්වේ.

    ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, කොමරොස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, මුරුසිය, කෙන්යාව, මැඩගස්කරය, මැලේසියාව, මොසැම්බියව,  ඕමානය, සී ෂෙල්ස්, සිංගප්පූරුව, දකුණු අප‍්‍රිකාව, ශ‍්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත්අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවල් මෙම සංවිධානයේ සාමාජික රටවල් වන බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා පැවසීය.

    සමුද්‍ර සුරක්‍ෂිතතාව හා ආරක්‍ෂණය,වෙළඳහා ආයෝජන පහසුකම්, ධීවර කර්මාන්ත කළමනාකරණය, ආපදා කළමනාකරණය, ශාස්ත‍්‍රීය විද්‍යා හා තාක්ෂණික සහයෝගිතාව, සංචාරක ව්‍යාපාරය හා සංස්කෘතිය හුවමාරුව යන අංශ එම කලාපීය රටවල ප‍්‍රවර්ධනය හා සංවර්ධනය කළ යුතු යයි හඳුනාගෙන ඇත. ලංකාවේ ජාතික උරුමයන් ආරක්ෂා කොට සංරක්ෂණය කිරීම තුළින් විදේශ සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකි වන බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යම් දායකත්වයක් ලබාදිය හැකි වන බවත්, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya