අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානය අද

    මාර්තු 21, 2014

    2014 රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය අද (21) පස්වරු 6.30ට කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.



    2014 රාජ්‍ය නාට්‍ය උළෙලේ නාට්‍ය ප්‍රදර්ශනය පසුගිය දා මරදාන ටවර් රඟහලේ දී පැවැත්විණ. එහිදී දිගු නාට්‍ය 13ක් , කෙටි සිංහල නාට්‍ය 12ක් හා කෙටි දෙමළ නාට්‍ය 03ක් ද වේදිකාගත කරන ලදී.

    මෙම නාට්‍ය අතුරෙන් හොඳම නළුවා, නිළිය, හොඳම නාට්‍ය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම වේදිකා පරිපාලනය හොඳම සංගීතය, හොඳම ආලෝකකරණය, හොඳම රංගවස්ත්‍ර නිර්මාණය, හොඳම පසුතල නිර්මාණය ආදී අංශ සඳහා සම්මාන, මුදල් ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය පියවර ගෙන ඇත.

    මෙම සම්මාන ප්‍රදානොත්සවයේ දී ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කරන ලද අනුපමේය සේවයට උපහාර වශයෙන් ප්‍රවීණ නාට්‍යවේදී මහාචාර්ය එස්. මව්නගුරු මහතා “නාට්‍ය කීර්ති“ සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya